Image

එක මොහොතක දෙදෙනකු ගෙ ඉරණම

එක මොහොතක දෙදෙනකු ගෙ ඉරණම

එක පැත්තකින් පොත් ප්‍රකාශක ඇස්. ගොඩගේ මිය ගිහින්.

තව පැත්තකින් පොත් ප්‍රකාශකයකු වූ උපුල් සන්නස්ගල පවත්වාගෙන ගිහිපු රෝයල් තැප්‍රොබේනියන් නිදහස් කලා අවකාශය ස්ථිරව ම වසා දමන්න සන්නස්ගල තීරණය කරලා.

ගොඩගේ මිය යන තුරුම කරේ එක වැඩයි. ඒ පොත් ප්‍රකාශකයකු හැටියට වැඩ කිරීම. ගොඩගේ විවිධාකාරයේ පොත් ප්‍රකාශයට පත් කරා. ගොඩගේ ගෙ ප්‍රකාශන සමාගම හැදින්නුවේ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කියලා ගොඩගේ ගේ ම නම තියෙන වෙළඳ නාමයකින්. "ඇස් " කියන ඉංග්‍රීසි මුලකුරෙන් කියවෙන්නෙ සිරිසුමන යන්න.

මගේ තාත්තා ගේ පරම්පරාව

සිරිසුමන ගොඩගේ

ඇස්. ගොඩගේ එයා ව්‍යාපාරිකයෙක් උණාට එයා අපිට දැනුණෙ අසූ ගණන්වල ඉඳලා අපේ මනසෙ ඉඩ ගත්ත සන්ලයිට්, ලක්ස්, රෙක්සෝනා, කිඹුලා උදැල්ල, ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පෙ වගේ නමක් හැටියට. ගුණසේන, මොඩර්න් පොත් සමාගම ට වඩා ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ නම තමයි අතපත ගාන සහ කියවන පොත් ගොඩක මට පෙනුණේ. ඔය ඉංග්‍රීසියෙන් S කියන අකුර අපි ලියන්නෙ 'එස් ' කියලා. අන්න ඒක "ඇස්" කියලා කියන්නෙ ගොඩගේල ගෙ පරම්පරාව. "ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ" කියන නම දකින හැම මොහොතකම මට මතක් වෙන්නෙ මගේ තාත්තා ගේ පරම්පරාව. ඒගොල්ලන් හරි ගියත් වැරදුනත් ජීවිතයේ එක දෙයක් තෝරා ගත්ත තිර අනන්‍යතාවයක් තිබුණ පරම්පරාවක්. පොත් ප්‍රකාශන සමාගම් අතර හැම ෂානරයකම පොත් ගහපු පොත් ප්‍රකාශන සමාගමක් තමයි ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ලේඛකයින්ට කතෘභාග ගෙවීමට අදාලව ගොඩගේ සම්බන්ධයෙන් ලේඛකයින්ගෙ පැත්තෙන් මැසිවිලි අහන්න ලැබුණෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. අන්තර්ජාලය නැති කාලෙ සහ ඉංග්‍රීසියෙන් පමණක් මොඩර්න් චිත්‍ර කලාව ගැන පොත් තිබුණ කාලේ මොඩර්න් චිත්‍ර කලාව ගැන එරික් ඉලයප්ආරච්චි ලියාපු "චිත්‍ර කලාව හා විචාරය" කියන පිටු හාරසිය ගාණක පොත ගැහුවේ ගොඩගේ.එරික් ඒලයප්පආරච්චිඑරික් ඒලයප්පආරච්චි

දැනුම ලබා දීම ලිංගික අවභාවිතාව හෝ බැලමෙහෙවරකම් සදහා උපයෝගී කර ගත්ත ඇකඩමියානු එක් අඳුරු පැත්තකට චිත්‍ර කලාව සම්බන්ධ මේ පොත ආලෝකයක් උන බව මම හොදටෝම දන්න දෙයක්. එක පැත්තකින් අපේ ජීවන කාලය තුළ ගොඩගේ මිය යාම අපි ලබපු අභාග්‍යයක් වගේ ම භාග්‍යයක්. පැබ්ලෝ පිකාසෝ මිය ගියෙත් අපේ අපේ ජීවිත කාලයේ ම යි. ගොඩගේ ගේ මිය යෑමේ පුවත සමග අහන්න ලැබුණෙ තවත් සෝකී පුවතක්. ඒ තමයි සන්නස්ගල රෝයල් තැප්‍රොබේනියන් වසා දැමීම.

විකල්ප සාමුහික සංස්කෘතික අවකාශය

ගොඩගේ මිය යෑම මට පෞද්ගලිකව දැනෙනවා වගේ ම සහ ඊටත් වඩා රෝයල් තැප්‍රොබේනියන් වසා දැමීම මට පෞද්ගලිකව දැනෙන දෙයක්. රෝයල් තැප්‍රොබේනියන් එක පටන් ගන්න සන්නස්ගල හතර වටෙන් උදව් ඉල්ලද්දි මටත් කතා කරාම තමයි ඒ වෙනකොට මම රුපියල් ලක්ෂ 5 කට මිල කරපු සහ Ajana Ranagala ගේ "අපේ අහ කොහෙද ලිලී මල් " කොෆි ටේබල් පොතේ පිටකවරයට ගත්ත නිසා ලක්ෂ 5 හේ සීමාව ඉක්මවා ඉල්ලුම ලැබුණ මම නිර්මාණය කරපු "උපාර්ජනය" නමින් මාතෘකාගත කරපු චිත්‍රය මම රෝයල් තැප්‍රොබේනියන් වෙනුවෙන් සන්නස්ගලට තෑගි කරේ.උපාර්ජනය

සන්නස්ගල පටන් ගත්ත මේ සෙන්ටර් එක ස්ථාපිත කරේ සන්නස්ගල පවත්වාගෙන ගිහිපු සන්නස්ගල ගෙ සන්හිද පොත් ප්‍රකාශන ආයතනය සහ මුද්‍රණාලය වසා දැමුවට පස්සෙ. ගොඩනැගිල්ල සන්නස්ගල ගෙ වුනාට සෙන්ටර් එක නිර්මාණය වුණේ විවිධ මිනිස්සුන්ගෙ උදව් උපකාර සහ නිර්මාණාත්මක දායකත්වයෙන්. මේ සෙන්ටර් එකට Uvindu Kurukulasuriya පියානෝවක් දුන්නා. කසුන් කල්හාර, Nadeeka Guruge ලා ඒ අය පාවිච්චි කරපු ගිටාර් සමරු සංකේත හැටියට දුන්නා. ප්‍රගීත් මනෝහංස, ප්‍රගීත් රත්නායක, ගයාන් රත්නායක යන අය එසෙම්බල් කලා සහ වෙනත් කලා වැඩ කරලා දුන්නා. මම මේ කිව්වෙ මතකයට ආපු සොච්චම් නම් ප්‍රමාණයක්. ඇත්තට ම මේ රෝයල් තැප්‍රොබේනියන් කියලා කියන්නෙ මහල්වරාව බේකරිය නිදහස් කලා අවකාශයෙන් පසුව බිහි උන විකල්ප සාමුහික සංස්කෘතික අවකාශයක්. නමුත් දැන් සන්නස්ගල සන්නස්ගලගෙ තනි තීරණයෙන් ඒක අකුළාගෙන.

ආර්ටිස්ට්ලා ගෙ නම කැත කළ සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගල

මේ සෙන්ටර් එක පටන් ගද්දි මම සෙන්ටර් එකට මගේ ප්‍රදර්ශනාත්මක යචිත්‍රයක් තෑගි කරාට සන්නස්ගල මගෙන් ඉල්ලුවේ වෙන දෙයක්. මම වටවංගු දමලා ඒ වැඩෙන් මගෑරලා තමයි උපාර්ජනය යන චිත්‍රය මම රෝයල් තැප්‍රොබේනියන් එක වෙනුවෙන් තෑගි කරේ. සන්නස්ගල මගෙන් ඉල්ලුවේ පරණ වොක්සගන් කාර් එකක මතුපිට චන්ද්‍රගුප්ත තේනුවර ගේ වගේ ඇකඩමික ස්ටයිල් එකේ චිත්‍රයක් මට කියලා අන්දවා ගැනීම. මේ සඳහා මගේ අකමැත්තට හේතු වුණේ මට සන්නස්ගල ගැන ඒ හැටි අදහසක් නැති වීම, සන්නස්ගල එක දෙයක් එක දිගට කරන අයෙක් නොවීම වගේම රෝයල් තැප්‍රොබේනියන් කියන නම. ගමෙන් ආපු අය මේ රෝයල් කෑල්ල දමා ගැනීම ගැන මට තිබුණෙ භීතියක්, විචිකිච්චාවක් සහ හාස්‍යයක්.

ඒක හීනමානය ඇතුළත මිරිකුණ අපභ්‍රංශයක් වේදෝ යන සැකය මට තිබුණා. ඔය කාරණාවලට අමතරව සන්නස්ගලට ඇකඩමික සම්ප්‍රදා ඇලජි වෙනේකත් මට දැනිලා තිබුණා. එක හිත නැති මිනිහෙක් චංචල දේපළක් වන කාර් එකක මතුපිට මට කියලා අන්දවා ගන්න ඇකඩමික සම්ප්‍රදායක චිත්‍රයක් දවසක පරණ යකඩ බඩු කඩේක මුල්ලක දිරාපත් වේය කියන විශ්වාසය මට තිබුණා. සන්නස්ගල ගෙ ගොඩනැගිල්ලෙ බිත්තිවල රිලීෆ්, මියුරල් සහ එසම්බල් ආර්ට් හැටියට සහ කාර් එක මතුපිට අනිත් ආර්ටිස්ට්ලා ස්ථිරයි කියලා හිතලා වැඩ කරද්දි මේ යකා දවසක මේක අතෑරලා දැමුවොත් අපේ නම් කැත වෙන බව මට හැගුණ නිසා තමයි මම චංචල දේපළක් හැටියට රාමුගත චිත්‍රයක් සෙන්ටර් එකට තෑගි කරේ. මම හිතුවා හරි. සන්නස්ගල අනිත් ආර්ටිස්ට්ලාගෙ නම කැත කරා. සන්නස්ගල සෙන්ටර් එක වසා දමා ඇති පසුබිමේ මට දැන් මගේ චිත්‍රය නැවත සන්නස්ගලගෙන් ඉල්ල ගන්න පුළුවන්.

 sujithSujith Rathnayake

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න