ඉරාන නැව මුහුදුබත් වීමෙන් අනතුරුව රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර මොනවා ද...? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි

ඉරාන නැව මුහුදුබත් වීමෙන් අනතුරුව රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර මොනවා ද...? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි

ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ දී ඉරාන නැවකට පහර දී ඇත්තේ අප ගේ මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධ මුහුදු සීමාවක ද යන්න සහ රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර පිළිබඳ රජය මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

රටේ: සෛරීභාවය, ඒ්කීය භාවය සහ ජාතික ආරක්ෂාව කොතැන ද...?

''ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ ඉන්දීය සාගරය තුළ අනුමාන කළ හැකි ආකාරයට නාවුක සැතපුම් 40-44 දුරකින් පිහිටි ඉරාන නාවුක හමුදාවට අයත් නෞකාවට විදේශ රාජ්‍යයක මැදිහත්වීම හරහා ප්‍රහාරයක් එල්ල වී මුහුදුබත් වූ බවට විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙහි දී මුහුදුබත් වූ නැවේ සිටි නාවිකයින් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව කටයුතු කිරිම සම්බන්ධයෙන් අපේ ස්තූතිය පුදකරනවා. මෙම ප්‍රහාරය සිදු වූ නිශ්චිත ස්ථානය හෝ එය අප මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධ ද යන්න සහ රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නැහැ. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීතිය අනුවත් ජාත්‍යන්තර මානව නීතිය ඇතුළු නීති අනුව රටක මුුහුදු සීමා තුළ කටයුතු කළ ආකාරය දැක්වෙනවා. රටේ සෛරීභාවය, ඒ්කීය භාවය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ මෙන්ම පාර්ලිමේන්තුවේද යුතුකමක්. මෙවැනි සංවේදී සිදුවීමක් රට ආසන්නයේ සිදුව තිබියදී සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන් ගේ ව්‍යවස්ථානුකූල වගකීම ඉටු කිරීමට බාධාවක්.

රජයේ නිල ප්‍රකාශය කෝ...?

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2.1 වගන්තියට අනුව සියලු ම රාජ්‍යයන් ගේ ස්වාධීනත්වය හා සමානාත්මතාව සැම රටක් ම පිළිගත යුතු යි. මෙවැනි අවස්ථාවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 19 සහ 20 වැනි වගන්ති යටතේ දක්වා තිබෙනවා. ඒ අනුව යුද අභ්‍යාසවල නිරත වීම, දේශිය ජල තීරයේ සබ්මැරීන් ගමන් කිරිම ආදිය දක්වා තිබෙනවා. මේ සම්මුතියට අත්සන් කළ රටක් ලෙස අප රටත් රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් සිදු කළ යුතු යි. සීඑන්එන්, බීබීසී අල්ජසීරා ආදිය සබ්මැරීනයක් හරහා ටෝපිඩෝ ප්‍රහාරයක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය පවා කියන විට අප රටේ ආරක්ෂක අමාත්‍යාංශය එවැනි දෙයක් සිදු නොවන බවට පවසනවා. ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා පවා එවැනි සබ්මැරීන් ටෝපීඩෝ ප්‍රහාරයක් එල්ල කළ බව පවසන විට රජය මේ ප්‍රශ්න ගැන නිල ප්‍රකාශයක් කළ යුතු යි.

බංකු බංකු කෝ...?

ගාල්ලේ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගෙන්වා තිබෙනවා. මේවා තැන්පත් කරන්න අඩි 40 කන්ටේනර් අවශ්‍ය බවට වෛද්‍ය අංශ ඉල්ලා සිටින නිසා එය රජය ලබා දිය යුතු යි. තවත් ඉරාන නැවක් අප රටේ මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තිබෙනවා. මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය යි. ජාතික ආරක්ෂාව ගැන මේසයක් බංකුවක් ගෙන ආවොත් ටියුෂන් දෙන්නම් යැයි කියූ මැති ඇමතිවරුන් ඉන්න වත්මන් රජයේ අය අප රටේ මුහුදු සීමාවේ සහ අනන්‍ය ආර්ථික කලාපයේ සිදුවන දේවල් නොදැන සිටිම පුදුමයට කරුණක්.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න