පැවති අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ එලවලු වගාව විනාශ වී ඇති බවත්, ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ එලවලු මිල ඉහළ යා හැකි බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් එස්.සනිද්දාසන් පැවසීය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදි 10 දින අදහස් දක්වමින් ලේකම්වරයා කියා සිටියේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ එලවලු වගාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසා වගාවට හානි සිදු වී ඇති බවයි.
එලවලු කොළඹට ප්‍රවාහනය කිරිමට ගැටළු මතු වී ඇති නිසා නුවරඑලිය ප්‍රදේශයේ ගොවීන්ගෙන් එලවලු ආර්ථික මධ්‍යස්ථානයට මිලදී නොගත් බවද ඔහු පැවසිය..
ගොවීන්ගෙන් (01) දින කැරට් කිලෝවක් රු.500ක් වැනි මිලකට මිලදී ගත් බවත්, පසුගිය දිනවල කැරට් කිලෝව රු.100ක් වැනි තොග මිලකට අලෙවි වූ බව ලේකම්වරයා කියා සිටියේය.
පැවති වර්ෂාවත් සමග අලෙවි කිරිමට සුදානම් කර තිබූ බීජ අර්තාපල් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවත්, එම බීජ අර්තාපල් අව්වේ වේලා නැවත භාවිතයට ගැනීමට උත්සහයක නිරතව සිටින බවද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
එළවළු රටින් ගෙනෙයි
මෙම තත්වය තුළ ශීත කළ එළවළු ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශීත කළ එළවළු ආනයනය කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පවසයි.
ආපදා තත්වය හමුවේ මෙරට එළවළු වගාව බිම් රැසක් දැඩි හානියට ලක් විය.
(හැටන් රංජිත් රාජපක්ෂ)

