ඉරානයේ සතුරු ඉලක්ක 15,000කට ඇමෙරිකාවෙන් ප්‍රහාර: මිසයිල සහ ඩ්‍රෝන බලය අඩපණ වෙයි

ඉරානයේ සතුරු ඉලක්ක 15,000කට ඇමෙරිකාවෙන් ප්‍රහාර: මිසයිල සහ ඩ්‍රෝන බලය අඩපණ වෙයි

පසුගිය පෙබරවාරි මස 28 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඉරානය තුළ පිහිටි සතුරු ඉලක්ක 15,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කර සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ අමෙරිකානු හමුදා මෙහෙයුම් මගින් දිනකට ඉලක්ක 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් සාර්ථකව සපුරා ගැනීමට හැකි වූ බවයි.

මෙම දරුණු ප්‍රහාර මාලාව හේතුවෙන් ඉරානය සතු මිසයිල ප්‍රමාණය 90% කින් ද, ඩ්‍රෝන යානා ප්‍රමාණය 95% කින් ද අඩු වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව එල්ල කළ මෙම ප්‍රහාර හමුවේ ඉරාන හමුදා ශක්තිය මේ වන විට දැඩි ලෙස දුර්වල වී ඇති බව හෙග්සෙත් සඳහන් කරයි.

එමෙන්ම වත්මන් තත්ත්වය හමුවේ ඉරානයට ගුවන් හෝ නාවික හමුදාවක සහය නොමැති තරමට ඔවුන්ගේ ආරක්ෂක ව්‍යුහය බිඳ වැටී ඇති බවයි අමෙරිකා ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න