අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු වසරට ඊයේ සිට ක්‍රියාත්මක වූ බවත්, දැන් අනෙකුත් වසරවලට ද විෂය මාලා සංශෝධනයට ලක් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න...
නීතිමය ප්‍රශ්නයක්
''තවම තියෙන්නෙ 2013 සංශෝධන. අපි පක්ෂයක් හැටියට හැමදාම කිව්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. ඊයේ පළමු වසරට ළමුන් ඇතුලත් කරා. ඒකෙදි මෙ ප්‍රතිසංස්කරණවලට අදාළව උපකරණ ගැලටුවක් තියෙනවා. දෙමාපියන් ඊයේ දි ඉදිරිපත් උණා පාසලේ අඩු පාඩු ලබාදෙන්න. රජය මේක දෙමාපියන් පිට පටවන්න එපා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව නිතිමය ප්‍රශ්නයක් තියනවා. කලින් මේ යෝජනා අධ්‍යාපන කොමිසන් සභාව විසින් ජනාධිපතිතුමාට ලබාදෙන්නෙ. එහි දී ඔහු මේක ක්‍රියාත්මක කරන්න නීතිමය ලියවිල්ලක් වශයෙන් ලබාදෙනවා. නැතිනම් විෂය භාර අමාත්‍යරයා ජනාධිපතිතුමාට ලබා දෙනවා. පහුගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අමාත්‍ය මණ්ඩලය අනුමැතියක් ලැබිල තියනවා. නැත්තම් පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලැබිල තියනවා. මේ ප්‍රතිසංස්කරණවලට එහෙම අනුමැතියක් ලැබිලා නෑ. ඒ නිසා නීතිමය ප්‍රශ්නයක් තියනවා.අධ්‍යාපනය දේශපාලනයට සම්බන්ධ කරගන්න නරකයි. දැන්වත් මේ ප්‍රතිසංස්කරණ සදහා කමිටුවක් හදන්න. ඒ සඳහා පහසුමක් ලබාදෙන්න. මේකට නීත්‍යනුකූල භාවයක් ලබා දෙන්න. එක්වාරයක් හෝ නියාමන වියාපෘතියක් වශයෙන් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා.
වහාම විගනකාධිපති පත් කරන්න
දැන් රටේ විගනකාධිපතිවරයෙක් නෑ. වැඩ බලන විගනකාධිපතිවරයෙකුත් නෑ. මේ නිසා රටේ මුල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයක් තියනවා. ගල් අගුරු ප්‍රශ්නෙ උනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔ්න. විගනකාධිපති ඒ අවස්තාවෙත් නෑ. ඒ නිසයි විගනකාධිපති පත් කරන්න වුවමනා.

