දූෂණ මාපකය අනුව ඉතිහාසයේ වැඩිම දූෂණ ප්‍රමාණයක් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පවසන සුජිව සේරසිංහ, දූෂණ මාපකයට අනුව වැඩිම දූෂණ සිදුව ඇති වර්ෂය ලෙස 2025 සිට 2026 දක්වා මාලිමා ආණ්ඩුව යටතේ යැයි ද පැවසී ය.
සුජීව මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූජිව සේරසිංහ...
මාලිමා ආණ්ඩුවේ දූෂණ උදාහරණ
''මහින්ද රාජපක්ෂ බලයට ගේන්න, චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගේන්න විශාල සහයෝගයක් දුන්නනේ ජනතා විමුක්ති පෙරමුණ. ඉතිහාසයේ වැඩිම දූෂණ ප්‍රමාණයක් කරල තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ දූෂණ මාපකයට අනුව වැඩිම දූෂණ සිදුවුණ වර්ෂය 2025 සිට 2026. මේ දූෂණ මාපකය වැඩිම ප්‍රමාණය වාර්තාකරලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ. මේ දූෂණවලට හොඳම උදාහරණය කන්ටේනර් 323, කුඩු පැන්නුවා, container ඔක්කොම පැන්නුවා , දැන් ආසන්න සිදුවීම තමයි ගල් අඟුරු විශාල වංචාවක් වෙලා තියෙනවා. ගල්අඟුරු එහෙන් ගෙන එන්නට ඉස්සෙල්ල චෙක් කරනවා. මෙහෙට ආවට පස්සේ චෙක්කරනවා. ඉතින් මේ ඔක්කොම වාර්තා පේල්වෙලා ඉවරයි. ගල් අඟුරු ගෙනල්ල තියෙන්නෙ බාල ඖෂධ ගේන සමාගමක්. පැහැදිලිවම වංචාවක් වෙලා. බිත්තර ගේන මනුස්සයෙකුට ගල්අඟුරු ගේන්න බෑනේ. සැකය සමාජයට ම තිබුණා දැන් ඒක ඔප්පු වෙලා, ඉදිරි ආණ්ඩුවල දී පෙන්වයි මොකද උණේ කියලා, ජනාධිපතිතුමා කිව්වා ඉරක් තියෙනවා ඔක්කොම ඉරට පහලින් කිව්වා. ඒ අයත් ඒකට පහළින් තමයි ඉන්නේ.
දැන් අනික් පැත්ත
මේ රටේ ජනතාව දුක් විදින්නෙ JVP එක සහ LTT සංවිධානය නිසා. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් නායක ඔක්කොම ඝාතනය කළා. මේ අය විශ්වවිද්‍යාල, ආයතන, ව්‍යාපාර මේ සියල්ලට ම මේ අය විරුද්ධ වුණා මේ නිසා රට සංවර්ධනය කරන්න බැරි වුණා. ඉදිරියේ දී විදුලි ජනනය සම්බන්දව විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. විදුලි කප්පාදු සහ විදුලි මිල ඉහළ යෑම ඉදිරියේදි සිදුවන්න පුළුවන්. අනුර ඉස්සර කියපුවා - ගෑස් මිල වැඩි උනොත් වගකියන්න ඕනේ ආණ්ඩුව කිව්වා. ඇමතිලා කොමිස් ගහලා තමයි දැන් මිල වැඩි වුණේ කියලා, දැන් එහෙම නෙවෙයි කියනවා. බාල ගල් අඟුරු ගේන්නේ ආණ්ඩුව කිව්වා. දැන් එහෙම නෙමෙයි කියනවා. හාල් මිල වැඩි කරන්නේ ඩඩ්ලි සිරිසෙන කිව්වා. දැන් එහෙම නෙවෙයි කියනවා. IMF රාස්සයෙක් කිව්වා. දැන් බදාගෙන පිළිගන්නෙ. ඉන්දියාව චීනයට දැඩි ලෙස විරුද්ධ උණා. දැන් එහෙම නෑ කියපු ඔක්කොම දැන් අනිත් පැත්ත කියන්නේ...
JVP පරණ ස්වරූපය
මේ ආණ්ඩුව අවුරුද්දක් කරලා ඔය පිස්සු කරන්නෙ. රාජපක්ෂල පිස්සු නැටුවේ අවුරුදු ගාණක් ආණ්ඩු කරලා. ආසියාවට ගෑස් සපයන්නැති ආයතනයකට ගෑස් දීලා විශාල අර්බුදයක් අද ඇති කරලා තියෙනවා. පිටරටක නීතිඥවරයකුට වෙඩි තිව්වනම් අපි පුදුමයට පත්වෙනවා. බලන්න අපේ ඇමතිවරයා මොනවාද කියන්න කියලා. රටේ ජාතික ආරක්ෂාවට මොකද වෙලා තියෙන්නෙ...? හමුදා මූලස්ථානය ළඟට ඇවිත් වෙඩි තියලා යනවා. JVP එකේ පරණ ස්වරූපය දැන් පේනවා. ඉදිරියේදී දැවැන්ත අර්බුදවලට මුහුණ දෙන්න වෙයි.
ආරක්ෂක ඇමති ගේ හුදකලාව
මම හාමුදුරුවොන්ට ගොඩක් කතා කළා. මේ යන ක්‍රමවේදය වැරදියි කියන එක පිළිඅරගෙන තියෙනවා. නිරාගමික රටක් ඇති කරන්න උත්සාහ උත්සහ කරන්නෙ. දැන් තියෙන ඩිජිටල් මාධ්‍යත් එක්ක ඔය පිස්සු කෙරෙන්න හම්බවෙන එකක් නෑ. බෞද්ධ ආගමට සිදු කරන හිරිහැර වැරදියි. ඒක නොවිය යුතුයි කියන එක තමයි පෙන්වලා දුන්නේ. ආරක්ෂක ඇමතිට සියලු දේවල් හුදකලා. උසාවිය ඇතුළෙදි වෙඩි තිව්වත් හුදෙකලා, මේවා ජනතාවට හුදකලා නෑ. නමුත් මේවා JVP එකටනම් හුදකලා. මේක බොඩිගාඩ්ලා දාගෙන ඉන්න ආණ්ඩුවේ අයට නම් ප්‍රශ්නයක් නෙවෙයි.''

