අම්මාගේ මිනිපෙට්ටිය දෙස බලන පුතා තාත්තා ගෙන් මෙසේ අසයි.
''තාත්තේ මොකක්ද Marilyn Monroe සමග ඔයාගේ තිබුන හුටපටය...?''
''උබේ අම්මා මැරිල හින්ද මට ඔක දැන් කියන්නත් පුළුවන් ඒත් මට මේවා කියන්න ලැජ්ජයි.''
''දැන්වත් කියන්න තාත්තේ.''
''Marilyn Monroe ව සෙටිය උඩ අරන් අනික් පැත්ත හරවල Bobby Kennedy sex කරද්දි so good Sonny so good Sonny කියල මගේ නම කියලනේ Marilyn Monroe කැගහල තියෙන්නේ.''
Sonny so good Sonny so good
ගරු ජනාධිපතිතුමනි..., මෙම ප්‍රශ්ණය ඇසු පුතාගේ නම ඇමෙරිකාවේ පාතාල නායකයින් අතරින් 18 වන ස්ථානයට Fortune 500 magazine එක තුළ නම් කර තිබෙනවා මම දුටිමි. සිරිලංකා දුපතේ දිග කලිසම් අදින ගංකබරයකු හට නලිං ද සිල්වා ගේ නම මතක තිබුනත් ඒ බොහෝදෙනකු හට basic literature නොමැති නිසා මිනීපෙට්ටිය ළඟ සිටිගෙන සිටි තාත්තා ගේ නම මතක් කරදීම මාගේ යුතුමක් සේ සලකමි.
Sonny Franzese
1960 වරරේ දී සතියකට ඩොලර් මිලියන 8 ක මුදලක් ඉපැයු ඔහු Sonny Franzese නම් පාතාල සාමාජිකයා වේ. මෙම නම basic literature තුළ අපට හමුවන්නේ එක හේතුවක් නිසා ය. අමෙරිකානු ජනාධිපති JF Kennedy ගේ ඇඳ මතින් ජනාධිපති ගේ මල්ලි Bobby Kennedy ගේ ඇද උඩට නැග්ග Marilyn Monroe ජනාධිපති ගෙ මල්ලි සමග සංසර්ග ක්‍රියාවේ නිරතවෙද් දී Sonny so good Sonny so good කියා කැගැසීම නිසා එදා ඇමෙරිකාවේ නීතිපති ඇමෙරිකාවේ පාතාල කල්ලියක් පිටුපස ලුහුබැඳයාමට පටන් ගත්තේය. Kennedy ජනාධිපති ගේ මල්ලි Bobby Kennedy එදා ඇමෙරිකාවේ නීතිපති විය. Kennedy ඝාතන පරීක්ෂණ වාර්තාවල Sonny ගේ නම ලියා ඇත.
නිහඬ මිනී කුණූ ගඳක්
ආදරය කළ මිනිසුන් ගෙන් තමන්ව සදහට ම වෙන් කළ නිසා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වසර 7ක් පුරා රාත්‍රියේ අඩනින්දේ පසුවන බව මම ඔබට සංවේගයෙන් දන්වා සිටිමි. ගැරු ජනාධිපතිතුමනි පරික්ෂණ වල තත්ත්වය කෙබදු ද? පරික්ෂණවලට බාධා පැමිණෙතැයි කියමින් පරික්ෂණවල දිශානතිය සහ ප්‍රගතිය ජනතාවට වසන් කිරිමට කිසිදු දේශපාලනික අයිතියක් ඔබට නැති බව මම ඔබට දන්වා සිටිමි. වසර 7ක දීර්ඝ කාලයක් තුළ හඩා දැන් හැඬීමට කඳුළක්වත් ඉතිරිව නැති එම මිනිසුන්ට ඔබට දියහැක්කේ කුමක්ද ජනාධිපති තුමනි ? නා මල් සුවඳ හමන සංතාප මාවතක මිනිසුන්ට ගමන් කළ හැකි ය; නමුත් මිනී කුණු ගඳ ගසන සංතාප මාවතක කිසිවකුට ගමන් කළ නොහැකි ය. කොටින්ම රටකට තවදුරටත් මෙලෙස ඉදිරියට ගමන් කළ නොහැකි ය.
ගරු ජනාධිපතිතුමනි, ඔබ stage උඩ නැග කතා පවත්වන්නේ කෙසේදැයි වෙලාවකට මම TV screen එක දිහා බලාගෙන තනිව ම කල්පනා කරමි. නිහඬ මිනීකුණූ ගඳක් සිරිලංකා දුපතේ පිරිමින් ළඟින් වහනය වනබව ඔබට නොදැනුනා ද ගරු ජනාධිපතිතුමනි? ඒ මිනී කුණු ගඳ මැදින් ඔබ එක එක දේවල් ජනතාවට දෙන අයුරැ මම බලාගෙන හිදිමි. වසර 7ක දීර්ඝ කාලයත් තුළ හඬා වැලපී දැන් හැඬීමට කඳුළක්වත් ඉතිරිව නැති පාස්කු ප්‍රහාරයේ ඔබට දියහැක්කේ කුමක්ද ජනාධිපති තුමනි?
ඇමෙරිකාවේ ලේඛනාරක්ෂක දෙපාර්තමෙන්තුවේ රහසිගත ලියකියවිලි
1994 වසරේදි අපේ ගමේ නිවසකට රැස්වු කොළඹ කුරුඳුවත්තේ posh ගැහැනුන් කිහිපදෙනකු Kennedy ඝාතන කුමන්ත්‍රණ පිළිබඳ කතාබස් කරනවා මම අසාගෙන සිටියෙමි. ඒ කතාව අතරතුර ඔවුන් සිරිලංකාවේ රමණි බර්තොලමියුස්ව ඝාතනය කිරිම පිළිබඳව ද කතාකරකවා පර්සියන් පුසකුගේ කන් අතගාමින් මම අසාගෙන සිටියෙමි.
එදා සිට අද දක්වා Kennedy ඝාතන පරික්ෂණයේ ලියවිලි කියවීම මාගේ පුරුද්දක් බවට පත්විය. ජනාධිපති Trump විසින් Kennedy ඝාතනයේ සම්පුර්ණ වාර්තා 2020 වසරේ දී ජනතාව වෙත ලබාදිය යුතුව තිබුනත් ඔහු කළේ එය 2029 වනතෙත් කල් තැබීම ය. දැන් මම 2029 වසර උදාවෙන තුරු බලාසිටිමි. නමුත් මෙම වසරේ මාර්තු 18 වනදා ඇමෙරිකාවේ ලේඛනාරක්ෂක දෙපාර්තමෙන්තුව files කිහිපයක් ජනතාව අතට පත්කර තිබුනි. රහසිගත ලියකියවිලි වුවත් George Washington University පසුගිය අවුරැදු 80ක් පුරා මෙලෙස file රාශියක්ම ජනතා අයිතියට පත්කර ඇත. ගරු ජනාධිපති තමනි, ඔබ ඉතාමත් කාර්යය බහුල බැවින් මෙලෙස ජනතාවට විවෘතවු fileවල සාරාංශය මෙසේ මම ඔබට ඉදිරිපත් කරමි. අනේ පුළුවන්ම් උඩින් පල්ලෙන් හරි මේ ටික කියවල දාන්න.
Kennedy ඝාතන සැලසුම පිළිබඳව රුසියාව දැන සිටියා ද...?
Lee Harvey Oswald විසින් Kennedy ඝාතනයට පෙර ඔහු Finland , Soviet Russia , Mexico , Cuba යනාදි රටවලට ගමන්කර ඇත. FBI ආයතනය මේ පිළිබඳව වාර්තාකර තිබු අතර Kennedy ඝාතනයට විනාඩි කිහිපයකට පසුව FBI Director Edgar Hoover විසින් Kennedy ඝාතකයා Lee Harvey Oswald බවට memo එකක් ලියා ඇත. Oswald ව මරාදැමු Chicago පාතාල සාමාජිකයකු වූ Jack Ruby ළඟ Kennedy ඝාතනයේ රහස් යතුර ඇත. New York නගරයේ CIA ඒජන්තවරයකු හමුවිමට යන තවත් CIA ඒජන්තවරයකු පවසන්නේ CIA ආයතනය Kennedy ඝාතනය සිදුකළ බවත්, තමාව ද මරාදැමිමට ඉඩ තිබෙන නිසා රටින් පලා යන බවත් ය. රටින් පිටවීමට පෙර එම CIA ඒජන්තවරයාව මරාදමා තිබුණි. Soviet Russian තානාපතිට ලියු ලිපියක දන්නවා තිබුනේ Oswald ගමන් කරන්නේ CIA එක සමගින් බවත් ජනාධිපති Kennedy ඝාතනයෙන් පසුව Oswaldව මරාදමුනු ඇති බවත්ය. එනම් Soviet Rossiaව Kennedy ඝාතන සැලසුම පිළිබඳව දැනගෙන සිටියේ ය. Kennedy මරාදැමු බව සැලවූ විට Soviet Russiaවේ නායකයා Khrushchev හඬා වැටුණේ ය. Kennedy ඝාතනය සිදු කළා යැයි චෝදනාවට ලක්වු CIA Director Allen Dulles විසින් ම Kennedy ඝාතන Warren කොමිසම මෙහෙයුවේ ය. කොමිසම් වාර්තාවලට අනුව CIA එක ඇතුළෙහි තවත් පුංචි CIA කිහිපයක් ඇත. වියට්නාම යුද්ධයෙන් පසු ඇමෙරිකාවේ යුද උපකරණ වෙළඳාම පහළට වැටුණ අතර එකි කාලය තුළ Oswald සහ පතාල කල්ලි සහභාගිවූ සිපයියන් ගේ සාදයකට Bell helicopter factory එකේ අයිතිකරුවකු සහභාගිවී ඇත.
Lee Harvey Oswald
ක්‍රස්තෝ ඝාතනයට කෙනඩි විරෝධය
Cubaවල Bay of Pigs ප්‍රහාරයට Kennedy විරැද්ධවූ නිසා CIA director Allen Dulles දැඩි ලෙස Kennedy සමග කුපිත වී සිටියේ ය. Chicago පාතාල කල්ලි නායක Ross Prio නගරයේ පොලිස් දෙපෙර්තමෙන්තුවේ Richard Kane සමග එක්ව ඇමෙරිකාවේ මුඩුක්කුවල වාසය කළ Cuban ජාතිකයින්ට අවිපුහුණුව ලබාදුන්නේ ය. ජනාධිපතිතුමනි, ඔබ The God Father චිත්‍රපටය නැවත නැවත නරඹන නිසා Sam Giancana කව්රැදැයි ඔබ හොදින් දනි. Cuba රට Castro ගේ පාලනයට නතුවීම තුළ ඇමෙරිකානු casino පාතාල කල්ලි Castro ඝාතනය කිරිමේ අරමුණ සහිතව Cuban ජාතිකයන් හට අවිපුහුණූව ලබාදී ඇත. අමෙරිකාවේ ආරක්ෂක කවුන්සිලයේ උපදේශකයෙකු වු Howard Hughes ගේ කාර්යය වුයේ මුහුදු යට තිබු සබ්මැරින් උඩට ගන්නා වේලාව තිරණය කිරිමත් C5A යනාදි projects ක්‍රියාත්මක කිරිම බඳු Top secret state bureaucracy වුවත් ඔහු casino පාතාල සිපයියෙකු වූ Jonny Rodelli සමග Cuba ජනාධිපති Castro ඝාතනය කිරිමේ මෙහෙයුමක් දියත්කර ඇත. ජනාධිපති Kennedy මීට වරැද්ධත්වය ප්‍රකාශ කළේ ය.
Kennedy ගේ ඡන්ද ව්‍යාපාරවල ගීත ගායනා කිරිමට Frank Sinatra ට අණකලේ පාතාලයේ God Father ය. New York වරායට ආරක්ෂාව සැපයිමට CIA එක පාතාලයේ උපකාරය ලබාගෙන ඇත. අමෙරිකාවේ ජනාධිපති විය යුත්තේ කවුදැයි තිරණය කිරිමට එරට පාතාලය දායක වී ඇත. Kennedy ට අත දිගහැර පාතාලය මුදල් වියදම්කර ඇත. Kennedy ඝාතනයේ පරික්ෂණ වර්තා අතරට මේ post එකේදි මවිසින් භාවිත කරන ලද වම් පැත්තේ ඇති ඡායාරූපය ද එකතුවේ. මේ post එකේ මා ඉහත සඳහන් කළ Marilyn Monroe ගේ ඇඳ උඩ සිදුවීමත් එකතුවේ.
සිරි ලංකාවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කළ හැකි තවත් අය
මේ කොමිසම් පරික්ෂණ වාර්තා අපව රැගෙන යන්නේ කොයිබට ද ගරු ජනාධිපතිතුමනි? මොනවද මේ Kennedy ඝාතන කෙමිසම් සහ පරික්ෂණ වාර්තාවල තිබෙන්නේ? අවශ්‍යය නම් අපට Kennedy ඝාතනයට සම්බන්ධයෙන් නම් හෙළි වූ රටවල් වු Finland, Soviet Russia , Mexico යන රටවල්වලට අමතරව Israel රට ද එකතු කළ හැකි ය. Lee Harvey Oswald යුදෙව්වකු නිසා අපට ඔනෙ නම් Israel රට ද මීට සම්බන්ධ කළ හැකි ය. මෙලෙස ම සිරිලංකාවේ පාස්කු ප්‍රහාරයට ඉන්දියාවේ RAW සම්බන්ධ කරනවා නම් අපට Pakistan රටේ Deobandi කල්ලිය ද සිරිලංකාවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කළ හැකි නේද ගරු ජනාධිපතිතුමනි? වනචර දශකයේදි පාස්කු ප්‍රහාරයේ වගකීම මුලින්ම පැටවුයේ ISIS සංවිධානයට ය. කොහොමත් සාරා ජැස්මින්ට වඩා Deobandi කිව්වම ටිකක් romantic නැද්ද ගරු ජනාධිපතිතුමනි? පාස්කු ප්‍රහාරයේ "මහමොළකරුවා" සොයනවා කියමින් ඇත්ට ම කාගේ උරුමයද අප මේ සොයන්නේ? ඇත්තට ම ගරු ජනාධිපතිතුමනි, පාස්කු ප්‍රහාරය පිළිබඳ මොනවද අප මේ කරමින් සිටින්නේ? වත්තේ කැරට් කාපු හාවාව ඇල්ලීම වගේ වැඩක් වෙලා නේද මේක දැන් ? නන්දේ ගේ ගෙවත්තේ ඇති හා ගුල මතුවන්නේ පිල්ලෙයාන් ගේ ගෙවත්තෙන්ය. හා ගුල් එකකට එකක් යටින් සම්බන්ධ ය. එනිසා මේ හා ගුල් දෙක රදාවානේ සුමනෙ ගේ බතල කොටුවෙන් ද මතුවිය හැකි ය. ඇතැම්විට මේ හා ගුල දිය රෙද්දක් ඇඳගෙන ඇල්වතුර නාන කාන්තිගේ කකුල් දෙක අස්සෙන් ද මතුවිය හැකි ය. එවැනි දේවල් පරික්ෂණ කොමිසම් වාර්තාවල වෙලා තිබෙනව මා දැක ඇත. ජනාධිපති Kennedy ඝාතනයේ පරික්ෂණ වාර්තා තුළ Sonny ගේ නමත් Marilyn Monroe ගේ නමත් සටහන්වි තිබුණි.
පාස්කු ''මහ මොළකරු'' හැර තවත් ''මහ මොළකරුවන්''
ගරැ ජනාධිපති තුමනි, පාස්කු ප්‍රහාරයට "මහමොළකරැවා " නැමැති වචනය ගෙනාවේ මොන පකිස් බුරැවා ද? ඒක වියත්මගේ එකෙක් ගෙනාපු චවනයක්ද?
ශිෂ්‍යයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරැදන් කිරිමට එරෙහිව නාවිකා හමුදාවට එරෙහිව ගොනුවු නඩුවේ මහමොළකරැ කවුද? නාවික හමුදාපති වසන්ත කරන්නාගෙඩට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බවට නීතිපතිවරැ තිදෙනකු ම උපදෙස් ලබාදි තිබියදිත් වනචර දශකය තුළ නිතිපති එම දෙපාර්තමෙන්තුව ම චෝදනාවලින් වසන්ත කරන්නාගොඩව නිදහස් කර තිබුණි. දැන් 11 දෙනා පැහැරගැනිමේ සිද්ධියේ මහ මොළකරැ මොකාද ගරු ජනාධිපතිතුමනි ?
වැලිකඩ සිරිකරැවන් 27 ක් මරාදැමී මේ මහ මොළකරුවා කවුද ගරැ ජනාධිපතිතුමනි ?
ඒක නම් මාරයි ජනාධිපතිතුමනි, Warner Brothersලා ගේ Looney Tunes කාටුන් මතක් වෙනව මට. ගරු ජනාධිපතිතුමනි, ඔබට මතකද Bugs Binny, Dafty Duck, Porky Pig? අනේ අර සිරකරැවන් ඒගොල්ලො ම එයාලට ම වෙඩි තියාගෙන T56 රයිෆල් පෝලිමට තියාගෙන මැරිලා ඉවරවෙලා ආපහු බිම වාඩිවෙලා හිටපු අපුරැව ? වැලිකඩ සිරකරැ ඝාතනයේ මහ මොළකරැවා මොකාද ගරු ජනාධිපතිතුමනි? ඒ මහ මොළකරුවා නම් ආණ්ඩුවේ එකෙක් වෙන්න බැනේ නේද? මොකද වනචර දශකයේ දී ආණ්ඩුවේ හිටියේ මස් මාංස තියා උම්බලකඩ කැල්ලක්වත් කන්නේ නැති vegetarian උන්. එතකොට වැලිකඩ සිරකරු ඝානයේ "මහ මොළකරැවා " මොකාද ගරු ජනාධිපතිතුමනි
ගඳයි නේද ගරු ජනාධිපති තුමනි ? දිග කලිසම් ඇදගෙන පාරේ ගමන් කළාට සමාජයේ සිටින පිරිමින් ළඟින් මිනී කුණු ගදක් වහනය වෙනව නේද?
ගරු ජනාධිපති තුමනි, ඇත්තටම මොකක්ද ඔය වචනය - ''මහ මොළකරැවා!''
ඇත්තටම මේ වචනය පාස්කු ප්‍රහාරයට භාවිත කළ හැකි ද?
පල්ලි නොගිය පාදඩයෝ
මිනිස් ජිවිත 168 ක් විනාශකල Oklahoma City බෝම්බය Una Bomber නම් තනි පුද්ගලයකුගේ ක්‍රියාවකි. පාස්කු ප්‍රහාරය Munich Olympic ප්‍රහාරය පන්නයේ ප්‍රහාරයකි. Munich ප්‍රහාරය එල්ලවන බව ප්‍රහාරය නිසා ජිවිතක්ෂයට පත් ඊශ්‍රායල ක්‍රිඩකයින් හැර සියලු දෙනාම දැන සිටියහ. CIA එක ප්‍රහාරකයින්ට දන්වා සිටියේ ඇමෙරිකානු ක්‍රිඩකයින්ට හානියක් සිදුනොවන පරිදි ඔනෙම මගුලක් කරගන්නා ලෙසය. Red Prince විසින් plan කළ මෙම ප්‍රහාරය සිදුවන බව දැනදැනත් එය සිදුවිමට ඉඩදුන් පිරිසක් ඇත. සහරාන් හරි මොන මලසෝනා හරි මෙවන් ප්‍රහාරයක් සිද්කරන බවට මුලින්ම පාරිලමෙන්තුවේ හැන්සාඩ් ගතකළේ විජේදාස රාජපක්ෂ ය. ප්‍රහාරය සිදුවන දින ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය Shangri la හෝටලයේ සිටි ඉන්දියානුවන්ට ඉන් ඉවත්වන ලෙස දැනුම් දුන්නේය. සැම පාස්කු ඉරිදාවක ම පල්ලි යන සිරිලංකාවේ දේශපාලන පාදඩයින් එදා පල්ලි ගියේ නැත.

ගරු ජනාධිපතිතුමනි, අපි මොහතකට මෙසේ උපකල්පනය කරමු - පාස්කු ප්‍රහාරයට CIA, SVR RF - FSB , RAW , ISI, Mossad ඔය හැම එකෙක්ම සම්බන්යි. දැන් මොකාද "මහ මොළකරු", ඌට කොහොමද දඩුවම් දෙන්නේ?
රුසියාවට සතයක් අත නැති වීම
Cold War එක ජයග්‍රහණය කළේ කවුද? එම ජයග්‍රහණයේ " මහ මොළකරු" Ronald Regan බව අපට ඉතිහාස තුළ උගන්වන්නේ Regan ගේ Submarine industry strategy එකට Soviet Russia ව අසුවුණ නිසාය. Soviet Russiaවට අන්ත දෙකකින් එකවර යුදමය අතින් ශක්තිමත් විමට සිදුව තිබුණි. බටහිර අන්තයෙන් අමෙරිකාව ඇතුළ යුරෝපා රටවල සමග තරගයට අවිආයුධ නිපදවිමත් නැගෙනහිර අන්තයෙන් SinoRusiian war එක නිසා චීනය සමග තරගයට අවිආයුධ නිෂ්පාදනය කිරීමත් සිදුවිය. Budget එකෙන් 40% ආයුධ සඳහා වෙන්කළ විට Russiaවට හාල් හුණ්ඩුවක් ලිපේ තියාගැනීමට සතයක් අතේ නැතිවිය. නමුත් Soviet Russiaව කඩාවැටිමට මිට වඩා බලපැ තවත් හේතුන් තිබුණි.
Soviet Russiaව බිදවැටුණේ ඇයි...?

Helsinki Codes අත්සන් කිරිම නිසා Soviet Russia වේ වූ පරිවාර රටවල් Soviet Russia අතහැර පණ එපා කියා දුවන්නට පටන්ගත්තෝය. මේ නිසා Russia ව කඩාවැටිමට නියමිත බව Mikhail Gorbachev ගේ පරිවර්තකයා වු Pavel Palazhchenko ප්‍රකාශ කළේ ය. වැඩිදුරටත් ඔහු ප්‍රකාශකලේ පරිවාර රටවල් එකතුකරගෙන Soviet Union එකක් සැදිමම mistake එකක් බවය. Soviet Russia ව කඩාවැටීමට ආසන්න වෙද්දි Suicide by mistake නිසා අප ජිවිතක්ෂයට පත්වීමට නියමිත බව Politburo අමතා Soviet Russia වේ විදේශකටයුතු ඇමති Eduard Shevardnadze ප්‍රකාශ කළේ ය. ඔහු ප්‍රකාශ කළ පරිදිම එය සිදුවිය. රෝගයෙන් පිඩා විදි රෝගින් විසින් ම රෝග ස්වභාවය පිළිබඳ විස්තර කරන තත්ත්වයක් තුළ අපට Cold War එකේ ජයග්‍රහණය කිරිමේ "මහ මොළකරුවා" Ronald Regan බවට text books තුළ අපට උගන්වන දේ අපට බැහැර කළ හැකි ය. Soviet Russiaවේ පරිවාර රටවල් Soviet Russiaව හැරදා දුවපු දිවිල්ල දුටුවිට අපට ප්‍රත්‍යක්ෂ වනුයේ Soviet Russiaව බිදවැටුණේ ඇමෙරිකානු ජනාධිපති Jimmy Carter ගේ Human Rights campaign එක නිසා නොව Soviet Russiaවේ අභ්‍යන්තරයේ ම තිබු mistake එකක් නිසා බවය. Soviet Russiaව බිදවැට්ටවිම "මහ මොළකරුවකු ගේ" ක්‍රියාවක් නොව එය පුද්ගලයින් කිහිපදෙනකුගේ ක්‍රියාන්විතවල ප්‍රතිඵලයක් බව අප තේරැම්ගත යුතුය.
ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය
තවදුරටත් මෙය සරලව තේරැම් ගනිමු. ගරු ජනාධිපතිතුමනි , ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ "මහ මොළකරු" කවුද? gangbang දැමීම නිසා යෝනියෙන් ගලා ආ රැධිරය කුකුල් දෙකේ බ්රෙද්දි නිරැවත්කර වළකට දමා තිබු මනම්පේරි තරැණියට සිරිලංකාවේ යුද හමුදාවේ රණ විරැවන් වෙඩිතැබිමට පෙර ඇය කනේ කරාඹු දෙක ගලවා මේක අම්මාට දෙන්න කියා අසල සිටි පුද්ගලයකුට දුන් බව කතරගම යන අපට අදත් අසන්නට ලැබේ. ගරු ජනාධිපති තුමනි..., කවුද මනම්පේරි ඝාතනයේ "මහ මොළකරු", ඇල්ෆ්‍රඩ් විජේසූරිය? අමරදාස රත්නායක? සිරිමාවෝ බණ්ඩාරනායක? J R ජයවර්ධන ? රෝහණ විජේවිර?
Coordinated crimesවල chain of commands ටක්කේට ම සොයාගෙන සම්බන්ධ කිරිමක් කළ නොහැකි ය. Lasantha Wicktamathunaga ඝාතනයේ "මහ මොළකරු" මොකාද? කවදාද අප Lasantha ව මරාදැමීමේ "මහ මොළකරුව" chain of command එකට සම්බන්ධ කරන්නේ? ගරු ජනාධිපතිතුමනි, ඇතැම් විට "මහ මොළකරු" මොකාද කියා ඔබ මේ වනවිටත් සොයාගෙන තිබිය හැකි ය. නමුත් ඝාතනයේ chain of command එක ඔහුට සම්බන්ධ කල නොහැකි නිසා ඔබ කල්මරමින් පසු තැවෙනවා විය හැකි ය. ඇත්තටම ගරු ජනාධිපති තුමනි, "මහ මොළකරුවා" සොයනවා කියමින් ඇත්ට ම කාගේ උරුමයද අප මේ සොයන්නේ?
වසර 7ක දීර්ඝ කාලය තුළ හඩා දැන් හැඬීමට කඳුළක්වත් ඉතිරිනැති එම මිනිසුන්ට ඔබට දියහැක්කේ කුමක්ද ජනාධිපති තුමනි ? රටේ නායකයා ලෙස එම ඔබට එම මිනිසුන්ට දිය හැකි එකම දේ - The Rule of Law.
සෙසු සියල්ලන් ද්විතියික වී "මහ මොළකරු" නිර්දිෂ්ට වීම
ගරැ ජනාධිපති තුමනි , " මහ මොළකරු" නැමැති වචනය නිසා සෙසු සියල්ලන් ද්විතියික වී "මහ මොළකරු" නිර්දිෂ්ට වන තත්ත්වයක් මතුවි තිබේ. එය දේශපාලනික විය හැකි ය. නමුත් එය The Rule of Law නොවේය. සත්‍යය වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ "මහ මොළකරුවකු" නැත. Oklahoma City බෝම්බ ප්‍රහාරයේ ''මහ මොළකරුවකු'' ඇත. නමුත් Munich Olympic ප්‍රහාරයේ "මහ මොළකරුවකු නැත. ප්‍රේමවති මනම්පේරි ඝාතනයේ "මහ මොළකරුවකු" නැත. Columbia Space Shuttle බේදවාචකයේ "මහ මොළකරුවකු" නැත. මේවා coordinated crimes වේ. මෙවන් තැන්වල "මහ මොළකරුවකු" සොයමින් ඉබාගාතේ ඇවිදින විට රදාවානේ සුමෙනෙත් අල්ලපු ගෙදර කාන්ති අක්කත් මේවාට අවසානයේ දි සම්බන්ධවි The Rule of the Law ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් උද්ගතවනු ඇත. ලොකයේ දික්ගැස්සුණු කොමිසම් වාර්තා තුළ එවන් තත්ත්වයක් උද්ගතවි ඇති බව මා නිරික්ෂණය කර ඇත. ජනාධිපති Kennedy ඝාතනයෙන් වසර 80 පසු 2029 දී කාටද අප යුත්තිය ඉටුකරන්න හදන්නේ? "මහ මොළකරුවා" සොයනවා කියමින් ඇත්ටම කාගේ උරැමයද අප මේ සොයන්නේ? ගරැ ජනාධිපති තුමනි, පසුව දින ආ සුභ පැතුමක් සුභ පැතුමක් වන්නේ නැත. කල්ගතවු කල යුක්තියක් යුයක්තියක් වන්නේද නැත.
මුඛ්‍යය සංකල්පය විය යුත්තේ කුමක් ද...?
සිරිලංකාවේ කාබන් කොපිය වූ පිලිපීනය සහ දකුණු ආසියාතික රටවල්වල සිදුවූ මෙවන් ප්‍රහාර පිළිබඳව GTD එකේ ( Global Terrorism Database )නිරික්ෂණය කිරීමේ දි සිරිලංකා දුපතටත් බඩු හම්බවෙන බව දිග කලිසම් අදින ඔ්නෑම පිරිමියකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි ය. එම assessmentවලට අනුව බඩු බනිස් වෙන්න ම ලැබිය යුතුව තිබුණේ ඉන්දියාවට ය. නමුත් ඉන්දියාව එය සිදුවිමට ඉඩහැර බලාසිටියේ නැත. සිරිලංකා දුපතේ පාදඩයින් එය සිදුවිමට ඉඩහැරියේ ය. කදුළුත් ඉවර වී වියළි දෑසින් හඬන මිනිසුන්ට ඔබ විසින් The Rule of the Law දායාද කිරිමේ දි ගරු ජනාධිපතිතුමනි, මෙතන මුඛ්‍යය සංකල්පය විය යුත්තේ "මහ මොළකරු'' නොව accountability යන සංකල්පය යි.

අවසන් නිගමනය
කොහේ යන්දැයි නොදැන තෙමංසලක තනිවී සංතාපයෙන් පෙලෙන වින්දිතයාට පාර පෙන්විය යුත්තේ ඔබ ය ජනාධිපති තුමනි. ඉදිකෙරෙන නව සංවේදනා මැදුරුවලට වඩා සතුට සහනය ඇති පැල්පත මිනිසුන්ට සුවදායකවේ. වින්දිතයින්ට පාර පෙන්විමට පැමිණෙන ඔබ ඔබ ගේ ම mistake එකකින් suicide කරගත හොත් තනිවි වින්දිතයාට යන කල කුමක්ද ගරු ජනාධිපතිතුමනි? පකිස්බූරුවන් සමග එකතු වී ඔබ ගේ ම mistake එකකින් suicide කරගැනිමට ඔබට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව මම ඔබට දන්වා සිටිමි.
පාස්කු ප්‍රහාරයේ accountability අනුව The Rule of the Law ක්‍රියාත්මත කිරිමට තවදුරටත් පරික්ෂණ සිදුකිරිමට දෙයක් ඉතිරිව නැත. සිරිලංකාව කියන්නෙ basic literature නැතිව වියළී ගිය රටකි. එනිසා accountability යනු කුමක්දැයි මිනිසුන්ට හැඟීමක් නැතිවත් ඇති.
යුරෝපයේ මාර්ග නීතියක් තියෙනවා මෙහෙම - රිය අනතුරක් දෙස බලාගෙන ඉඳල එතනින් මාරුවීම දඬුවම් ලැබියහැකි වරදක්.
ජීවත්විමට ඉඩ නොදී මරා දැමුවා නම් ජීවත්වෙන උන්ට සැනසිමේ මැරෙන්නටවත් අප විසින් ඉඩ සලසා දිය යුතු නොවේද ?
Jana Charmin
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
