පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනීයකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සිදුවූ වාචික සහ මානසික හිංසනයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කරවන බව මහනුවර දිස්ත්‍රික් සජබ මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද (24) කීවාය.
වල් පැළ ගලවලා මල් පැළ හිටවනවා කිව්වත් ආණ්ඩු පක්ෂයේ සමහර නියෝජ්‍ය අමාත්‍යවරුන් කාන්තාවන් ගිලගන්න බාදුරා මල් හා සමාන බවද චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවැසුවාය.
චමින්ද්‍රානි කිරිඇල්ල මෙසේද කීවාය.
පාර්ලිමේන්තුව ඇතුළේදී මෙන්ම පාර්ලිමේන්තුවේ පිටතදී කාන්තා හිංසන රාශියක් පිළිබඳව අපට දැනගන්නට ලැබෙනවා.කාන්තාවන් ගෙදර සිට බස් රථයෙන් වැඩ බිමට යන විට නොයෙකුත් කායික මානසික හිංසනවලට ලක්වෙනවා.ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනියකට මෙවැනි වාචික සහ මානසික හිංසනයකට ලක්වීමට සිදුවුණා. වල් පැළ ගලවලා මල් පැළ හිටවනවා කිව්වත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර නියෝජ්‍ය අමාත්‍යවරු කාන්තාවන් ගිල ගන්න බාදුරා මල් හා සමානයි.මොවුන් වටේ කැරකෙන බඹරුන් හා සමානයි.
මමත් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදනිය සමඟ සිටියා.ඒ අවස්ථාවේ එම මාධ්‍යවේදනියට ලොකු හිංසනයකට ලක්වීමට සිදුවුණා.එහිදී එතුමියට ලොකු මානසික පීඩාවක් විඳින්නට සිදුවුණා.මා ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මා අගමැතිතුමියගේ අවධානයට යොමු කරනවා.
ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරියන් සම්බන්ධයෙන් සිදුවන හිංසනයන් පිළිබඳවත් අගමැතිතුමියගේ අවධානය යොමු කළොත් හොඳ යැයි මා මෙහිදී සඳහන් කරන්න කැමතියි යනුවෙන්ද චමින්ද්‍රාණි කිරිඇල්ල සඳහන් කළාය.

