Image

ආණ්ඩුවට අනුව, සමාජ ප්‍රාග්ධනයේ සහ හොරකමෙහි වෙනස - නාමල් රාජපක්ෂ පැහැදිලි කරයි

ආණ්ඩුවට අනුව, සමාජ ප්‍රාග්ධනයේ සහ හොරකමෙහි වෙනස - නාමල් රාජපක්ෂ පැහැදිලි කරයි

ආණ්ඩුවේ පුද්ගලයකුට වත්කමක් තිබුණ හොත් එය සමාජ ප්‍රාග්ධනයක් බවත්, විපක්ෂයේ හෝ රාජ්‍ය සේවයේ අයට තිබුණ හොත් එය හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ කැලණිය මහා විහාරයේ ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

මේ දිනවල මගේ අධ්‍යයනය

''විශේෂයෙන්ම මගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු කැලණි ආසනනය වගේම  ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ පොදු ජන පෙරමුණේ අය නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කමක් ලෑස්ති කරලා තිබ්බා; ඒ වෙනුවෙන් මම ආවා. සමාජ ප්‍රාග්ධනය කියලා එකක් තියනව නේ... ඒ ගැන මේ දවස්වල අධ්‍යනය කරනවා. ආණ්ඩුවේ අයට මොකක් හරි හම්බවුණොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. රාජ්‍ය සේවකයෙක්ට මොකක් හරි හම්බ වුණොත් විපක්ෂයෙ දේශපාලනඥයන්ට මොකක් හරි වත්කමක් තිබුණොත් ඒක හොරකමක්. දැන් ආණ්ඩු පක්ෂයේ අයට සහ ජේවීපී එකේ අයට තියෙන්නේ සමාජ ප්‍රාග්ධනය; එයාල කියන විදියට. හැබැයි රාජ්‍ය සේවකයෝ විපක්ෂයේ ඉන්න අයට තියෙන්නේ හොරකම් කරපුවා. ඉතින් ඒ ගැන මේ දවස්වල අධ්‍යයනය කරනවා.

ගල් අඟුරු මගඩියට ජනපති, ඇමති දෙදෙනා ම සම්බන්ධයි

එදා වේදිකාවේ බොරු චෝදනා නැගුවා ලැම්බොගිනි ගැන, රත්තරන් අශ්වයෝ ගැන කිව්වා. ඩොලර් බිලියන 18ක් උගන්ඩාවට ගෙනිච්ච කිව්වා. ඉතිං එදා නොයෙක් චෝදනාා නැගුවා විපක්ෂ දේශපාලන වේදිකාව ඇතුළේ. හැබැයි අද බාල ගල් අඟුරු වංචාවට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධයි නේ... දැන් ඉතින් ජනාධිපතිවරයා ගේ හොඳම ගෝලයා නේ ඇමැතිවරයා බවට පත් කළේ. ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා විදියට  අපේ චන්ද්‍රිකා මැඩම්ලා එක්ක දේශපාලනය කරනකොට එදා තිබිච්ච ලොකුම ටෙන්ඩරය තමයි පොහොර ටෙන්ඩරය; ඒකෙ ප්‍රධානියා බවට පත් කරපු කෙනා අද ඔහු ජනාධිපතිවරයා බවට පත්වුණාම දැන් යන ලොකුම ටෙන්ඩරය  යන්නේ ගල් අඟුරු ටෙන්ඩරය. ඒකෙ කැබිනට් අමැතිවරයා බවට පත් කළා. දෙන්න එකතුවෙලා වැඩේ කරලා දැන් ඉස්සෙල්ලා අයින් වෙන්නේ කවුද කියලා වෙන්නැති දෙන්න කල්පනා කරනවා ඇත්තේ. ඒක හින්දා ඒක ඒ දෙන්න කල්පනා කර ගත්තු දෙන්. හැබැයි ඉතින් මේ රටේ අහිංසක ජනතාව තමයි අන්තිමට ඒ පාඩුවේ වගකීම්කාරයෝ බවට පත්වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයගේ විදුලි බිල වැඩි වෙනවා තෙල් මිල වැඩි වෙනවා.

ජනතාව ඉල්ලනකොට අපි එනවා; එපා කියනකොට යනවා

එදා ඔබට මතක ඇති අපි කොරෝනා වෙලාවේ පන්දාහ හතර වතාවක් දුන්නා අමාරුකම් තියෙද්දි ලේසි නෑ. කොරෝනා කියන්නේ මීටත් වඩා දරුණු කාල සීමාවක් එළියට ඇවිල්ලා ඔබට මේවා ප්‍රශ්න කරන්න වෙන්නෙ නෑ අපිට උත්තරයක් දෙන්න විදිහකුත් නෑ තෙල් නැව් තිබ්බත්  නැව් එන්න විදියකුත්  නෑ. ඉතින් එවැනි වාතාවරණයත් කියනකොටත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. අපි හැමදාම උත්සාහ කරේ මේ රටේ සමාජය ව්‍යසනවලින් ජනතාව මුදවා ගන්න. අපි එල්ටීටීඊ එක්ක හැප්පුණේ සමාජ ව්‍යසනය වෙන එක නවත්තන්න. නැත්නම් අපිටත් තිබුණා ඔයා ඒ පැත්ත බලාගන්න අපි මේ පැත්ත බලා බලාගන්නම් කියලා. මහින්ද මහත්තයා එහෙම  හිටියනම් අද නොබෙල් සාම ත්‍යාගයත් හම්බවෙලා. ඒ තැනට අන්තිමට ලෝකය එතුමාව මිනීමරුවෙක් හොරෙක් බවට පත් කරා. මොකක්ද හේතුව එල්ටීටීඊ එක පරාජය කරපු එක. හැබැයි ඒ වගේම තමයි කෝවිඩ් දහනමය වසංගතය වෙලාවෙත් අපිට තිබ්බේ සමාජ ව්‍යසනයක් නවත්තනව ද ආර්ථිකය පැත්තටම ඔළුව දාගෙන අයිඑම්එෆ් සහ අනිත් ආයතන කියන විදියට ඉන්නවද .අපි සමාජය ව්‍යසනයක් නැවැත්තුවා; මිනිස්සු බඩගින්නේ මැරෙන එක නැවැත්තුවා; කෘෂිකර්මාන්තයට උදව් කරා. ඔබට මතක ඇති රසායනික පොහොර, කාබනික පොහොර අර්බුදය එන්න කලින් කන්න දෙකක් නිකං පොහොර දුන්නා. ඇයි ඒ...? මේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න ඕන නිසා. ඉතිං අපි හැම වෙලාවෙ ම කරේ ව්‍යසනයක් නවත්තපු එක. අරගලයක් ඇවිල්ලා තරුණයෝ එළියට බැස්සා; බංගලාදේශය නේපාලය වගේ අපි මරාගෙන මැරෙන්න ගියේ නැහැ. අපි අඩියක් පස්සට අරගෙන තවත් සමාජ ව්‍යසනයක් නැවැත්තුවා. අපි මේ රටේ හැමදාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ ආගම දහම අනුව ජීවත්වෙන අය. ඉතින් අපි දන්නා මේ රටේ ජනතාව ගේ අවශ්‍යතාවය අනුව හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් ජනතාව ඉල්ලනකොට අපි එනවා එපා කියනකොට යනවා. ඉතින් හැමදාම අපි තීන්දු ගත්තේ සමාජ ව්‍යසනවලින් ජනතාව මුදවා ගන්න මිසක් තව තවත් ව්‍යසන වලට ජනතාව ඇදගෙන දාන්න නෙවෙයි.අද ආණ්ඩුව පපුවේ කිසිම තෙතමනයක් නැතුව තීන්දු තීරණ ගන්නවා විතරක් නෙවෙයි තමන් කරපු වංචාවේ පාඩුවත් ජනතාව පිට පටවනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න