මාලිමා ආණ්ඩුවට ලොකු වැඩ බැහැ පොඩි වැඩ පමණයි කළ හැක්කේ යැයි විපක්ෂය පැවසුව ද තමා ගේ අදහස නම් ආණ්ඩුව අසමත්ව ඇත්තේ දුර දැක්මක් නොමැති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ වර්ධන වේගය මේ වන විට 01%කින් අඩු වී ඇති බවත්, එය ලෝකයේ 01%ක් වන විට ලංකාව බඳු රටවල 02%කින් අඩු වීම අනිවාර්ය සිද්ධියක් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
