Image

ආණ්ඩු පක්ෂයට ලිපි බාරදුන් 12දෙනා පිළිබඳ සමීප අධීක්ෂණයක්...?

ආණ්ඩු පක්ෂයට ලිපි බාරදුන් 12දෙනා පිළිබඳ සමීප අධීක්ෂණයක්...?

ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ පවතින අඩුපාඩු පිළිබඳව සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දොළොස් දෙනකු පැළවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි දොළහක් භාරදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ මැති ඇමතිවරුන් විසින් වෙන වෙන ම ඉදිරිපත් කරන ලද මෙම ලිපි මගින් පෙන්වා දී ඇති වැරදි නිවැරදි නොවන්නේ නම්, තමන් දරන මන්ත්‍රී ධුර හෝ සෙසු තනතුරුවලින් ඉවත්වීමට සූදානම් බව ඇතැම් පිරිස් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, පක්ෂයට ලැබුණු ජනවරම නොසලකා හරිමින් කිසිදු නිලධාරියකුට හෝ මන්ත්‍රීවරයකුට තනතුරුවලින් ඉවත්වීමට අවසර නොදීමට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අනාවරණය වන තොරතුරුවලට අනුව, මෙම ලිපි ඉදිරිපත් කළ පිරිස: කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරන අතර ජාතික ලැයිස්තුවෙන් පත් වූ කිහිප දෙනකු ද ඒ අතර සිටිති. මොවුන්ගෙන් බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සෘජු සාමාජිකයින් නොවන, ජාතික ජන බලවේගය (මාලිමාව) සමඟ එක්වූ වෘත්තිකයන් බව ද වාර්තා වේ. මේ වන විට ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායමක් විසින් මෙම 12 දෙනාගේ ක්‍රියා කලාපය පිළිබඳව සමීප අධීක්ෂණයක් ආරම්භ කර ඇත.

මූලාශ්‍ර TTV News.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න