"ව්‍යසන මැද මනුෂ්‍යත්වය" මැයෙන් අසිරි හදවත (Glorious Heart ) සංවිධානය මගින් ආපදාවෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහන දිස්ත්‍රික් ගණනාවක් ආවරණය කරමින් ක්‍රියාත්මක කරන ලදී.
කොළඹ, පුත්තලම, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව, මඩකළපුව, ත්‍රීකුණාමලේ යනාදි දිස්ත්‍රික්වල ඊයේ (03) සහ අද (04) අසිරි හදවත සාමාජිකයින් පොදු ජනතාව සමග ඒකරාශි වී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළේ ය.
විපතට පත් වූවන්ට ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම, ගංවතුර සහ නාය යාම් හේතුවෙන් හානි වූ නිවාස පිළිසකර කිරීම, රෝහල් සහ පාසල්වල පිළිසකර කිරීම් සඳහා මැදිහත් වීම, සෞඛ්‍ය සායන සහ ඖෂධ ලබාදීම යනාදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර දිවයින පුරා දහස් ගණනක් පොදු ජනතාවගේ ශ්‍රම දායකත්වය සහ විවිධ පරිත්‍යාග මේ සඳහා නොමදව ලැබුණි.
මතු පළ වන්නේ ඊයේ (04) සහ පෙරේදා (03) අසිරි හදවත මගින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයකි.


