සරසවි එකට ගියා පොතක් මිලදි ගන්න. අලුත් නීතිය කියලා බෑග් එකකුත් දීලා රුපියල් දහයකුත් ගත්තා වෙනම. මම ගියේ බයික් එකේ නිසාත් පොත අතේ රැගෙන එන්න අපහසුත් නිසා.මං සල්ලි දීලා ගත්ත බෑගය ඒ කියන්නේ. ඒ ආයතනයේ නම ගහල දුන්න බෑගය අරගෙන මම ආවා ගෙදර. මාර සතුටුයි.
මං අතින් වියදම් කරන් ආයතන promote කරනව එක පැත්තකින්. අවස්ථානූකූලව අපිට කොහොමත් බෑගයක අවශ්‍යතා එන්න පුළුවන්. එහෙමයි කියලා පරිසරයට හානියක් වෙන්නත් බෑ කරන්නත් බෑ.

ගැසට්ටුවට අනුව ද නැද්ද?
ගැසට් එකේ තියෙන්නේ "අඩු ඝනත්වයෙන් යුතු හෝ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිතිලීන්" අමුද්‍රවය විදිහට භාවිත කරලා හදලා තියෙන බෑග්වලට තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා. එතකොට දැන් මේ ආයතන ඔය කියන අඩු ඝනත්වයෙ අමුද්‍රව්‍ය දාලා ද ඒ බෑග් හදලා තියෙන්නේ...? එහෙමනම් විතරයි නේ මං මුදල් ගෙවන්න ඕනේ නේද? පාරිභෝගිකයාට ඒක දැනගන්න විදිහක් තියෙනවද? කාලෙකට කලින් නීතියක් ආවා. පරිසරයට හානිවෙනවා කියලා දිරාපත් වන පොලිතින් භාවිත කරන්න ඕනේ කියලා. මතකද දන්නේ නෑ. කෑම එක packed කරන්න කලින් දෙකට ඉරෙන lunch sheet ඒ වගේ ඒව වෙන්න ඕනේ.

ගසා කන්නන්ට අනගි අවස්ථාවක්
බේකරියට ගියාම පාන් එක දාල දෙන්නත් ඒ වගේ බෑග්වල නේ. ඒකටත් රු. 5ක් ගන්නවා. ඒක හදලා තියෙන අමුද්‍රව්‍ය වල ඝනත්වය කොහොම ද? කාලෙකට කලින් ආපු නීති එක්ක බෑගයේ ඝනත්වය අඩු කරලා පරිසරහිතකාමි විදිහට ආපු බෑග තමයි දැන් market එකෙ තියෙන්නේ ඒකට අර කියන මුදලක් ගෙවන්න ඕනෙද?
''අයියෝ ! ප්‍රශ්න දාගන්නේ ඇයි. ගෙදරින් බෑගයක් අරන් ගියානම් හරිනෙ...'' කියන එක නෙවෙයි වෙන්න ඕනේ. ඒක වෙනම එකක්. හැබැයි දැන් වෙන්නේ, නියමිත මුදලක් නියම කරන්නේ නැතිව ගසාකන එකාට ගසා කන්න, නීතියෙන් රිංගන එකාට රිංගන්න, පාරිභෝගිකයින් නොමග යවන්න, නාමිකව ඔන්න අපි පරිසරය රකින්න නීති දැම්ම කියලා චෝදනාවලින් බේරෙන්න කරපු වැඩක් ඕක.

මුදලාලිගේ ලාබය වැඩි වුණා
මේ කියන එකත් එක්ක පාරිභෝගිකයා සල්ලි දීලා ගත්ත බෑග් එක පරිසරයට මුදාහැරියට කමක් නැද්ද ? නීතිය තියෙන්නෙ සල්ලි දීලා ගන්න කියලනේ නේද? සල්ලි දීලා ගත්තම පරිසරය විනාශ වෙන්නෙ නැද්ද ? දැන් මිනිස්සුට රු.5, රු.10 වගේ ගණන් ලොකුවට තකන්නෑ. සල්ලි දීලා හරි පහසුව වෙනුවෙන් බෑගයක් ගන්නවා. සංයමයක් නැති එකා ඒක පරිසරයටත් ඕහේ මුදාහරිනවා. හැබැයි පොලිතීන් ආනයනය කරන ආයතන, නිෂ්පාදනය කරන ආයතන තවමත්, ඒ විදිහට ම, ඒ ප්‍රමාණයන්ගෙ ම, ඒ දේවල් කරගෙන යනවා. ඒවට නීති නෑ; සම්බාධක නෑ. අමතර නීතිය නිසා තවතවත් කඩේ මුදලාලිගේ ලාභය වැඩි වුණා විතරමයි වුණේ.

වැඩක් කරනකොට අරමුණක් තියෙන්න ඕනේ නේද? අපිට ඕනේ පරිසරය රකින්න නම්, ඒක කරන්න ඕනේ direct. පොලිතින් බෑග් වෙනුවට පරිසර හිතකාමී බෑග්වලට ජනතාව හුරුකරන්න ඕනේ, ආකල්ප වෙනස් කරන්න ඕනේ, ඒකට කාලයකුත් ඕනේ, හොඳ ආදේශකයෙකුත් ඕනේ. (මතකනෙ ගෝඨාභය මහත්මයාගේ කාබනික පොහොර වැඩේ හොඳයි...හැබයි එකපාර බෑ.)
මෙහෙම කරන්න බැරිද...?
භාවිත කරන පොලිතින් ප්‍රතිචක්‍රිකරණය වගේ හොඳ වැඩසටහන් තියෙනවා. ඒවට මූලිකත්වය දෙන්න ඕනේ....
*proper biodegradable materials
*correct industrial regulation
*honest enforcement
*proper alternatives for the public
ඒ වගේ වැඩ ක්‍රියාත්මක කරන්න තරම් strategically හිතන්න මහන්සිවත් වෙන්නැති ආයතන නිසා, පව්... අර අහිංසක පාරිභෝගිකයාට ම නීතිදානවා; ගන්නවනම් ගෙවන්න ඕනෙ කියලා. ඒකාත් ගොනා වගේ ගෙවනවා. අනේ අපි වෙනුවෙන් මේ නීති කියලා. ඇත්තට ම නෑ ඒ අපි වෙනුවෙන් නෙවෙයි. ඒ ඇත්තට ම, එයාලට එතනින් එහාට හිතන්න බැරිකම නිසයි. එයාලා... කරන්නන්වාලේ කරලා පාරිභෝගිකයා ගෙ පැත්තෙන් ම තියලා ඇඟ බේරගන්න එක කැතයි.
show off එපා...!
සැපයුම නොවෙනස්ව තියාගෙන ඉල්ලුම විතරක් ඇයි control කරන්නේ...? ඇයි පාරිභෝගිකයාට විතරක් බලපෑම් කරන්නේ? ඇයි ඒ මදිවට අනෙක් පැත්තට ලාභයත්වැඩි කරන්නේ...? තාම අපේ රටේ වසවිස තියෙන ආහාරපාන market එකේ තියෙන්නේ, අපේ දරුවන්ට ඒව කවන්න වෙලාතියෙන්නෙත්, ඩීසල් වෙනුවට භූමි තෙල් දාලා දුම දාගෙන පාරෙ දුවන වාහන නිසා අමාරුවෙන් මිනිස්සු හුස්ම ගන්නෙත්, ඒ උදවියගේ අපොහොසත්කම නිසා. එයාලා තනතුර රැකගන්න මාර වැඩකරයි කියනවා, Progress පෙන්වනවා. හැබැයි... අහිංසක මිනිස්සු තමත් පිඩාවලින් පෙළෙනවා... අවසානයට: පරිසරය රැකීමට නම් genuine long-term strategy එකක් ඕනේ. පරිසරහිතකාමී බෑගයන්ට gradually හුරුකරවන education + alternatives ඕනේ. Instant law එකක් දාලා “අපි කරනවා” කියලා show off කරන්න නෙවෙයි.
එහෙම නේද?
පෙනෙන වුන්ට පෙනියන් කියලා විවෘත අවකාශයේ නිදහසේ ලියන මම මේ මොහොතේ ඔයාවගේම සාමාන්‍ය පාරිභෝගික භූමිකාවේ ඉදන් තමයි මේක ලියන්නේ...

(සටහන - ශානිකා රන්දිමා ප්‍රනාන්දු )
Profile · Digital creator
Works at Consumer Affairs Authority
උපුටා ගත්තේ Shani Randima Fernando ගේ face book පිටුවෙන්

