හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ පසුගිය 14වන දින අභාවප්‍රාප්ත විය.
මිය යන විට 86වන වියෙහි පසු වූ හෙතෙම පුරා විද්‍යා පශ්චාත් උපාධියක් සහිත පළමු කෞතුකාගාර අධ්‍යක්ෂකවරයා වීම ද විශේෂත්වයකි.
ශ්‍රි ලංකා පුරා විද්‍යාඥයින් ගේ සභාවේ සමාරම්භක ලේකම්වරයා ද වන හෙතෙම පුරා විද්‍යා සහ කෞතුකවේද විෂයෙහි ප්‍රාමාණික සුදුසුකම් සපුරාලු පුද්ගලයකු පමණක් නොව කවි, කෙටිකතා, තීරු ලිපි යනාදි සාහිත්‍යාග කෙරෙහි ද සුවිශේෂ වූ දක්ෂතා දැක්වූ කලාකරුවෙකි.
ඔහුගේ දේහය මේ වන විට වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතෙහි පිහිටි නිවසෙහි තැන්පත් කර ඇත; අවසන් කටයුතු 16 (අද) සවස 04ට නිට්ට්ඹුව මල්වත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
ඔහුගේ අවසන් කටයුතු කිසිදු ආගමක චාරිත්‍රයකින් තොරව පවත්වන ලෙස ඔහු පවසා ඇති බැවින් ඔහුට ගරු කිරීමක් ලෙස ඔහුගේ කැමැත්ත අනුව ඒ සියල්ල සිදු කරන බව ද දැනගන්නට ලැබී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
