ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ එම සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන දෙදෙනාට අද (23) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේ ය.
අධිචෝදනා භාර දීමෙන් අනතුරුව, රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
2017 - 2018 වකවානුව තුළ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කිරීමට කටයුතු කිරීම මෙම නඩුවට පදනම් වී ඇත.
අවලංගු කළ ටෙන්ඩර් වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් (Spot Tenders) 27ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම.
එම ක්‍රියාවලිය හරහා සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීම.
අදාළ වංචාවට ආධාර අනුබල දීම.
යන චෝදනා විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇත.
මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන මැයි මස 15 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
