ඉකුත් සතියේ මෙක්සිකෝවට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් 64දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 65 දෙනකු අතුරුදන්ව සිටින බව එරට රජය ඊයේ (13) නිවේදනය කළේය. නිවර්තන අවපාත තත්ත්වය හේතුවෙන් හටගත් වර්ෂාපතනයත් සමග ගල්ෆ් වෙරළ තීරයේ ඇතැම් ස්ථානවල සහ මධ්‍යම ප්‍රාන්ත කිහිපයක දරුණු ජල ගැලීම් සහ නාය යෑම් ද වාර්තා වී තිබේ.
සාමාන්‍ය වර්ෂා සමය අවසන පැමිණි එම දැඩි වර්ෂාපතන තත්ත්වය, මාස කිහිපයක් පුරා අඛණ්ඩව පැවතිණ. ගංගා රැසක් පිටාර ගැලීමෙන් ජල ගැලුම් හටගත් අතර පැසිෆික් වෙරළ තීරයේ දරුණු සුළි කුණාටු ද වාර්තා විය.
ඉදිරි වැසි තත්ත්වයක් පිලිබඳ පූර්වාබෝධයක් පැවතිය ද එය මෙතරම් දැඩි වේ යැයි අපේක්ෂා නොකළ බව ජනපති ක්ලෝඩියා ෂයින්බවුම් (Claudia Sheinbaum) පැවසීය.
ධාරානිපාත වර්ෂාපතනය, ජලගැලීම් හා ආශ්‍රිත විපත් හේතුවෙන් මෙක්සිකෝවේ නිවාස 100,000කට අධික සංඛ්‍යාවක් හානියට පත්ව ඇතැයි වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/14/2025
Heavy rains flood Mexico towns, leave nearly 130 dead or missing

