අමාත්‍යවරුන් හය දෙනෙකුගේ වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි

අමාත්‍යවරුන් හය දෙනෙකුගේ වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකුගේ වත්කම් පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

දැනට මෙම කැබිනට් අමාත්‍යවරුන් හය දෙනාගේ වත්කම් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අද හෙටම විමසා සිටින බව ඔහු පැවසිය.

ඊට අමතරව ආණ්ඩුවේ සිටින අනෙකුත් ජනතා නියෝජිතයින්ගේද වත්කම් සම්බන්ධයෙන් තොරතුරු සහ ලිපිගොනු එක්රැස් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය..

කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් බරපතල සැක මතුවී ඇති නිසා මේ පිළිබඳව කඩිනමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් තොරතුරු විමසා සිටීමට තීරණය කළ බව මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය..

මෙම අමාත්‍යවරුන් රැකියාවක් සිදු නොකොට, ව්‍යාපාර කටයුතු සිදු නොකර, පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වෙමින් මෙතරම් වත්කමක් උපයා ගත්තේ කෙසේද යන්න බරපතල සැක සහිත කාරණයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මෙම තොරතුරු ලබා ගත් පසුව ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න