සයිබර් අපරාධ මඩින සම්මුතියට ලංකාවත් එකඟ වෙයි

සයිබර් අපරාධ මඩින සම්මුතියට ලංකාවත් එකඟ වෙයි

සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සයිබර් අපරාධ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCC) 2024 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා සභාවේ 55 වන පූර්ණ සැසියේදී සම්මත කරන ලද අතර, එය බරපතල සයිබර් අපරාධ රැසකට විසැඳුම් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද ගෝලීය ප්‍රවේශයකි.

 එම නව සම්මුතියට සම්බන්ධ වීම මඟින් ශ්‍රී ලංකාවට සයිබර් සක්‍රීය අපරාධ වැළැක්වීම හා ඒවාට එරෙහිව සටන් කිරීම, සහයෝගිතාව ශක්තිමත් කිරීම, වත්කම් නැවත අත්පත් කරගැනීම, සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීම සහ තාක්ෂණික සහාය හා ධාරිතා වර්ධනය කර ගැනීම වැනි ප්‍රතිලාභ අත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව, සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


(අංජුල මහික වීරරත්න - lankadeepa)




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න