හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ චීනය සහ රුසියාවෙන් නව කෙටුම්පත් යෝජනාවක්
චීනය සහ රුසියාව ඒකාබද්ධව හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට අමෙරිකානු නාවික හමුදාවේ ආරක්ෂාව - ජනපති ට්‍රම්ප්ගෙන් විශේෂ නිවේදනයක්
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් ප්‍රවාහන නෞකා සහ වෙළඳ නැව් සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වෙයි: ප්‍රංශ සහ ජපාන නෞකා පළමු වරට ගමන් කරයි
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් වසා දමා තිබූ ලෝකයේ අතිශය තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ප්‍රංශයට අයත් බහාලුම් නෞකාවක් සහ ජපානයට අයත් ටැංකි නෞකාවක් ගමන් කර ඇත.
ළඟදීම මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි !
රුපියල් කෝටි 8කට තම ධුරය විකුණා ඉල්ලා අස් වූ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ ඔහු කවුදැයි සමාජයේ කුතුහලයක් මතු වී තිබේ.
පසුගිය වසරේ දී ඒ ආකාරයෙන් ඉල්ලා අස් වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පමණකි.
2024 ජනවාරි 09 වෙනි දින ඉල්ලා අස්වීමේ කතාව පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ ඔහු ජනතාව කරන ශාපයෙන් දරුවන් මුදවා ගැනීමේ අපේක්ෂාවෙන් එම තීරණය ගත් බව සඳහන් කළේය.
පසුව, නැවත සජිත් පිල සමඟ එක් වූ ඔහු මේ වනවිට එම පිලේ ම මන්ත්‍රී ධුරයක් දරමින් සිටී.
රුපියල් කෝටි 08කට මන්ත්‍රී ධුරය විකුණා දැමීම පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන අතර, ඔහු නැවත ඉල්ලා අස්වේ දැයි ඇතැම් අය ප්‍රශ්න කරති.
( lankatruth )
ළමුන්ට ලිංගිකත්ව අධ්‍යාපනය ප්‍රතික්‌ෂේප කිරීම වැඩිහිටි ලෝකයේ අර්බුදයක් ද...?
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිස්සංකරණ පිළිබඳ මතගැටුම් අතර ඉහළට එස වී ආවකි, ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාව.
ළහිරු අචින්ත ශ්‍රී ලංකාව රනින් බැබලවයි - නෙත්මි ගිම්හානිගෙන් ලෝකඩ පදක්කමක්
බහරේනයේ පැවැත්වෙන 2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.
ෆාමසි හිමිකරුවකු මත් ද්‍රව්‍ය සහ අසභ්‍ය වීඩියෝ ජාවාරමක
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බොහෝ පිරිස් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අත මිට මුදල් නැති කළ විවිධ වර්ගයේ මත්පෙති සහ මත් කරල් පානයට පුරුදුව සිටිති.
ෆිලිපීනයට දරුණු සුළි කුණාටුවක්
රගාසා (Ragasa) සුපිරි සුළි කුණාටුව ෆිලිපීනයට (Philippine) කඩා වදී. ඒ පිලිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස සහ සියලු රාජ්‍ය ආයතන හදිසි මෙහෙයුම් පිණිස සූදානම් කර තැබීමට වහා පියවර ගන්නා ලෙස ජනපති, කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ( Ferdinand Marcos Jr) එරට විපත් ප්‍රතිචාර ඒජන්සියට අද (22) දැනුම් දුන්නේය.
උතුරු ෆිලිපීනයට බල පා ඇති සුළි කුණාටුව, පෙරදිග සහ අග්නිදිග ආසියාවට ද ව්‍යාප්ත වනු ඇතැයි, කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මේ වන විට, පැයට සැතපුම් 134ක වේගයෙන් හමා යන එය, එරට බැබුයාන් (Babuyan ) දිවයිනට ඉහළින් හමා ගොස්, කැලයාන් (Calayan) දිවයින මත පතිත වීමට නියමිතය. සුලඟේ ගැස්ම පැයට සැතපුම් 160ක් ලෙස වාර්තා වේ.
සුළි කුණාටු මාර්ගයේ සියළු පදිංචිකරුවන්ට වෙරළ තීරයෙන් සහ ගංගාධාර ප්‍රදේශ වෙතින් ඉවත්වන්නැයි, දැනුම් දී තිබේ.
උතුරු ෆිලීපීනයේ කැගයාන් (Cagayan) පළාත්බද ප්‍රදේශවල කාලගුණ තත්ත්වය දැඩි සුළං ප්‍රවාහ සහ තද වැසි තෙක් වර්ධනය වී ඇතැයි, ද වාර්තා වේ. මාර්ගයේ සහ අවට වෘක්ෂ ඉදිරී, සුලඟේ ගසා යන තත්ත්වයට කාලගුණය දරුණු ව ඇති බවත්, මුහුදු රළ චණ්ඩ ව පවතින බවත්, එරට කාලගුණ බලධාරීහු පවසති.
මැනිලා අගනුවර සහ තවත් ප්‍රදේශ රැසක දෛනික කාර්යාල කටයුතු හා වැඩ බිම් නතර කිරීමට සහ පාසල් වසා දැමීමට රජය පියවර ගත්තේය. හදිසි විදුලි විසන්ධි වීම්, නාය යාම් සහ ගංවතුර තත්ත්වයන් පිළිබඳව මහජනතාව වෙත දැනුම් දී තිබේ.
ෆිලීපීනයේ දේශීය ගුවන් සේවා රැසක් සිය ගුවන් ගමන් වාර අවලංගු කළහ. වරාය මගී යාත්‍රා සේවා ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.
තායිවානය ද සුළි කුණාටුව පිලිබඳ දැඩි අවධානයෙන් පසුවේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/22/2025
මුලාශ්‍රය :
Super Typhoon Ragasa barrels through northern Philippines, triggers alerts across region
ෆිලිපීනයේ ජල විපත් ව්‍යාපෘති වලින් ගහලා; මහජනයා විරෝධයේ
ෆිලිපීනයේ 200,000කට අධික පිරිසක් අද (17) දෙවන දිනටත් රජයේ දූෂණ විරෝධී උද්ඝෝෂණයන්ට එක් වූහ.
ෆිලිපීනයේ මගී යාත්‍රාවක් ගිලී යයි; 18ක් මරුට; අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම්
මගීන් 300කට අධික පිරිසක් රැගෙන දකුණු ෆිලිපීනයේ 'සුලු' පළාත බලා යාත්‍රා කරමින් තිබූ මගී යාත්‍රාවක් අද (27) අළුයම අනතුරට පත් විය.
ෆෙඩරල් රාජ්‍ය ආයතන වසා දැමීමෙන් එක්සත් ජනපද ගුවන් තොටුපොළ රැසක මෙහෙයුම් ප්‍රමාදයි
එක්සත් ජනපද ගුවන් තොටුපොළ රැසක් කාර්ය මණ්ඩල ගැටළු හේතුවෙන් ප්‍රමාදයට ලක්වේ. ඊයේ (06) සිට එරට නෙවාර්ක් (Newark ) සහ ඩෙන්වර් (Denver) ඇතුළු ගුවන් තොටුපොළ රැසක ගුවන් ගමන් පාලකවරු 'ලෙඩ නිවාඩු' වාර්තා කර සේවයෙන් වැළකී සිටින බව වාර්තා වේ.
එක්සත් ජනපද ෆෙඩරල් රජය අදියරෙන් අදියර වසා දැමීමට, ජනපති ට්‍රම්ප් ගත් තීරණයත් සමග මෙම ගැටළුකාරී තත්ත්වය හට ගෙන තිබේ. එම තීරණයත් සමග බොහෝ රාජ්‍ය ආයතන අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම වසාදැමීමට පියවර ගැනෙමින් පවතී. ෆෙඩරල් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම පිණිස, කොන්ග්‍රසය විසින් අදාළ අය වැය හෝ තාවකාලික අරමුදල් අනුමත නොකිරීම ඊට හේතුවයි.
බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් වැටුප් රහිත අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති අතර තවත් පිරිස් වෙත නියමිත් වැටුප් පොරොත්තුවෙන් තොරව සේවයේ යෙදීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව, ගුවන්තොටුපොළ වැනි ආයතන අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත. කෞතුකාගාර, ජාතික වනෝද්‍යාන සහ තවත් පරිපාලන ආයතන රැසක් අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයෙන් ඉවත් කොට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයට අයත් ගුවන් ගමන් පාලකවරුන් 13,000කට සහ ප්‍රවාහන ආරක්ෂක පරිපාලන නිලධාරීන් 50,000කට අධික පිරිසකට වැටුප් පොරොත්තුවෙන් තොර සේවය අනිවාර්ය කර ඇත. ඒ අනුව, මෙම මස 14 දිනට අපේක්ෂිත ඔවුන්ගේ මීළඟ වේතනපත නියමිත දිනට නොලැබී යාමේ අවදානමක් ඇතැයි ඔවුහු කියා සිටිති.
ඉකුත් සතියේ ෆෙඩරල් රාජ්‍ය ආයතන වසා දැමීම ඇරඹීමත් සමග ඇතැම් ප්‍රදේශවල ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩල ද 50%කින් කපා දැමීමට රජය පියවර ගත්තේය.
ගුවන් ගමන් පාලකවරුන්ගේ ගැටළු හේතුවෙන් නෙවාර්ක්, ෆීනික්ස් ( Phoenix), ඩෙන්වර්, ලාස් වේගාස් (Las Vegas) සහ බර්බෑන්ක් ( Burbank) ඇතුළු ගුවන් තොටුපොල රැසක ගුවන් ගමන් බෙහෙවින් අඩාල ව ඇතැයි, ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය (FAA) පැවසීය. ඊයේ දිනය තුළ පමණක්, එක්සත් ජනපද ගුවන්තොටුපොළ වෙතින් පිටත්වන සහ ඒ වෙත ලඟා වන ගුවන් යානා 4000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාදයන්ට ලක් වූ බව වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/7/2025
Staffing issues cause delays at US airports as shutdown persists






