රටේ ජනාධිපතිවරයා සිතා සිටින්නේ තම තමන් ගේ සමාගම් දියුණු කළ පුද්ගලයින්ට රට දියුණු කළ හැකි බවත්, එය එසේ නොව සමාගම් හිමිකරුවන් දියුණු කරන්නේ ඒ ඒ අයගේ සමාගම් පමණක් බවත් ජනාධිපතිවරයා වටහාගත යුතුව ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එමෙන් ම නව බදු ක්‍රමය යටතේ බොහෝ පිරිසක ගේ ආර්ථිකය අර්බුදයට ලක්ව ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ එම සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම් හට ඡන්දය ලබා දුන් බහුතරයක් සමාජයෙන් විතැන් කර සිටි පිරිසක් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
