Image

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද...? - Ideas front වීඩියෝවක්

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද...? - Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ ඉතිහාසය පිළිබඳ සාකච්ඡාවට බඳුන් නොවුණේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

විශේෂයෙන් ම මේ සම්බන්ධයෙන් මාධ්‍ය තුළ සාකච්ඡාවක් ඇති නොවීම හේතුවෙන් සමාජවාදය යනු කුමක්දැයි ජනතාවට නොවැටහෙන්නේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මුදල් අමාත්‍යංශය බඳු ආයතනයකට ඉහළ නිලධාරියකු පත් කිරීමේ දී ඔහුගේ හෝ ඇය සතු විෂයානු බද්ධ දැනුම පමණක් සැලකීමෙන් පළක් නැති බවත්, ඔහු හෝ ඇය අදාළ විෂය සම්බන්ධයෙන් ඩිජිටල් පාර්ශ්වය කෙතරම් දැනුවත් ද යන්න සොයා බැලිය යුතු බවත්, පසු ගිය වකවානුවේ මුදල් අමාත්‍යංශයේ මෙන් ම වෙනත් ආයතනවල ද මුදල් අස්ථානගත වූයේ මෙම නොසැලකිලිමත් භාවය නිසා යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න