අවසානයේ ඔවුන්, ඔහු සොයා පැමිණියේ ය. ඔවුන්, ඔහු අල්ලාගෙන ඔහුගේ අතේ පච්චයක් කොටා ජීවිතය පුරා ඔහු කළ සොයාගැනීම් ගින්නට විසි කර දැමුවේ ය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත ලෙස ඉතිහාසගත වූ 'ලංකාලෝකය' නවීන වෙබ් අවකාශයේ lankalokaya.lk ලෙස ජනගත කිරීම අද (16) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ පුරසරණ මන්දිරයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති වර්ණ ප්‍රදානෝත්සවයකදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කරුණු හෙළි කළ අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමෙන් ද යට ගැසීමට නොහැකි වූ අපරාධ පරීක්ෂණය මේ වනවිට තීරණාත්මක කඩඉමකට පැමිණ ඇතැයි ලංකා ට්රුත් (lankatruth.com)වෙබ් අඩවිය පවසයි.
එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
එවකට සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර තාජුඩීන් ඝාතනය නොමඟ යැවීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ. ඔවුන් දෙදෙනා මේ වනවිට ජීවතුන් අතර නොමැත. එම ඝාතනය පිළිබඳව ප්‍රසිද්ධියේ යූටියුබ් නාලිකාවකට අදහස් දැක්වූ අරුණ විදානගමගේ (කජ්ජා) ඝාතනය කරනු ලැබීය.
එසේ වුවත්, එම ඝාතනය හා සම්බන්ධ වී තිබූ ශිරන්ති රාජපක්ෂ භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිළිබඳව නවතම තොරතුරු හෙළි වී ඇත. එම තොරතුරු හෙළි කළේ අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ වැන්දඹු බිරිඳ විසිනි.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ එම තොරතුරු හෙළි කිරීමත් සමඟ 16 හැවිරිදි අරුණ විදානගමගේ පුත්‍රයා යොදවා ගෙන වෙනත් ආකාරයක ප්‍රචාරයක් සැලසුම් සහගතව දියත් කර ඇත. එම පුත්‍රයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අරුණ විදානගමගේ මුල් කාලයේ නුගේගොඩ හෙට්ටියාවත්ත බස් රථයේ කොන්දොස්තර ලෙසින් රැකියාවක් කළ බවයි. එම පුත්‍රයාගේ නමින් පවත්වා ගෙන යන ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ 120 බස් මාර්ගයේ සේවය කළ බව ය.
නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ තාත්තා අහිමි, අම්මා හැර ගිය සහ සහෝදර සහෝදරියන් අහිමි වූ එම නව යොවුන් තරුණයා කිසියම් පිරිසක් විසින් ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරවා ගැනීමට යොදා ගෙන සිටින බවයි.
මේ අතර, තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි අනුර සේනානායක නියෝජ්‍ය පොලිස්පති 2017 මාර්තු 16 වෙනි දින අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් “සැබෑ මිනීමරුවා” අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබිණි.
තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නයි අනුර සේනානායක ඉල්ලයි (2017 මාර්තු 16 ලංකාදීප)
'' රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට ගන්නා ලෙස තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බල කර සිටින බවයි.
දෙවැනි සැකකරු වන අනුර සේනානායක මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි අද (2017 මාර්තු 16) නියෝග කළේය.
හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි අධිකරණය තුළ තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේය.''
තාජුඩීන් ඝාතන සිද්ධියේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුව කල් යයි (2023 ඔක්තෝබර් 23 - ලංකා ටෘත්)
'' ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සහ එහි පරීක්ෂණ වෙනතක යොමු කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව ගොනුකර ඇති නඩුව නොවැම්බර් මස 7 වැනිදා දක්වා යළි කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද(23) නියෝග කර තිබේ.
සිද්ධියට අදාල නඩුව අද කැඳවා තිබූ අවස්ථාවේ විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඔහු බරපතල රෝගී තත්වයකින් පසුවන බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකිව ඇති බවය.
මේ අනුව නඩුව නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
2012 මැයි මස 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේදී ඝාතනය කළ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූලව දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.''
පසුගිය 12වෙනි දාට රොහාන් පෙරේරා මියගොස් වසර දෙකක් ඉක්ම ගියේය.
(සිංහල වේදිකාවට පරිවර්තනය වූ ජයනාත් බණ්ඩාර ගේ ඔතෙලෝ නාට්‍යය පිළිබඳ කියවීමක්)
මෙවර පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සුපිරි 8 දෙනාගේ (Super 8) වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (25) නවසීලන්තයට එරෙහිව පැවැත්වෙයි.
2004 වසරේ ආරම්භ කර් ඇති සිංහරාජ වනාන්තර ආශ්‍රිත LRC ඉඩම් හෙක්ටයාර 2500ක් අත්පත් කරගැනීම් සහ අනෙකුත් හඳුනාගත් ඉඩම් අත්පත් කරගැනීම් 2026 වසර තුළ සම්පූර්ණ කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කරන ඉල්ලිමයි!
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති.
20 වෙනි සියවස ආරම්භයේ දී කොළඹ ඇම්. ජී.පෙරේරා නමින් සුප්‍රසිද්‍ධ ව්‍යාපාරිකයෙක් වාසය කළේ ය. මොහුගේ වෙළඳ ව්‍යාපාරය "ඉලෙක්ට්‍රිකල් ඇක්සෙසරීස්" නමින් පිටකොටුවේ කුමාර වීථියේ අංක 13 දරණ ස්ථානයේ පැවතියේ ය.
මිරිහාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත මහත්මියගේ කාර්යාලයේ තිබූ ඇගේ ඡායාරූපයකට කිසියම් පුද්ගලයකු විසින් මල්මාලයක් පැළැදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ එහි විමර්ශන සිදුකර කරන බව පොලිසිය පවසයි.
මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණි කිසියම් පුද්ගලයකු විසින් ස්ථානාධිපතිවරිය නොමැති අවස්ථාවක ඇයගේ ඡායාරූපයකට සුදු පැහැති මල් මාලයක් දමා ගොස් තිබූ පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වෙතත් වරුණි බෝගහවත්ත චිකුන්ගුන්‍යා රෝගී තත්ත්වයක් මත මේවන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන අතර කිසියම් පුද්ගලයකු ස්ථානාධිපතිනිය බියගැන්වීම සදහා එම මල්මාලය ඡායාරූපයට දමා ගියේද නැතිනම් වෙනත් අරමුණකින් එය සිදුකළේද යන්න පිළිබදව පොලිසිය විමර්ශන සිදුකරයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මාතර මූලස්ථාන පොලිසියේ සිට ස්ථාන මාරුවක් ලබා මීට මාස කීපයකට පෙර මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරී කරනු ලැබුවාය.
නව ජනතා පෙරමුණ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු විසින් ඊයේ (29) මැතිවරණ කොමිෂන් සභාවට, ආණ්ඩුකාර කාර්යාලයට හා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත සංදේශයක් බාර දෙන ලදී.
2020 දී සීනි ආනයනයේදී සිදු වූ බව කියන සීනි වංචාවට වගකිව යුතු අයගෙන් රුපියල් බිලියන 15.9 ක් අයකර ගැනීමට නියෝගයක් ඉල්ලා විපක්ෂයේ සිටියදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නීතිඥ සුනිල් වටගල විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම 2026 ජනවාරි 19 වන දින සහය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියම කරයි.
අනුරාධපුර, මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී අලියෙකුට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
උමා ශාක්‍ය නව කතාව ඇරඹෙන්නේම විවිධ සමාජ පරිසරවලින් පැමිණෙන, සංකීර්ණ ගතිපැවතුම් ඇති, තෝරාගැනීම් අතර අතරමං වන චරිත කිහිපයක් වටා ගෙතෙන ගෙතුමක් විදියටයි.
යුරෝපය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, කැනඩාව, කොරියාව සහ තවත් ගෝලීය වෙළඳපොළ රැසකට දේශීය නිෂ්පාදන අපනයනයෙහි සහ ප්‍රවර්ධනයෙහි ලා පුරෝගාමී මෙහෙවරක නියුතු සීමාසහිත ජේ ඇන්ඩ් එන් ෆැමිලි චොයිස් සමාගම, දෙරණ රූපවාහිනියේ, මනුසත් දෙරණ ගංවතුර සහන වැඩසටහන හා අත්වැල් බැඳ ගත්තේය.
දීර්ඝ කාලයක සිට අඛණ්ඩව ලේඛණයේ යෙදීම අසීරු කටයුත්තකි. එමෙන්ම පාඨකයා සමග අඛණ්ඩව බැඳීමක් පවත්වා ගැනීම එයටත් වඩා අසීරුය. සුජිත් මේ මාර්ග දෙකම ජයගත් පුබුද්ධ නිර්මාණ කරුවෙකි.
ඔහු මාව පාඨකයෙක් ලෙස අඛණ්ඩව තබා ගත් අත්දැකීම එය මටම සනාථ කළේ ය.
මෙවැනි විසිරුණු විෂය තේමා සමුහයක් එකට පාහා පුරුද්දන සුජිත්ගේ කෞශල්‍යය අනගි ය.
හැම විට ඔහුගේ පර්යේෂණ නිර්මාණ නවීන ය; විවිධ ය. වැදගත්ම කරුණ වන්නේ බොහෝ නිර්මාණකරුවන්ට නැති ශාස්ත්‍ර ශික්ෂාව සුජිත් අක්කරවත්ත තුළ සපුරා විහිදී පැවතීම ය.
(සටහන |ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා)
එළෙඹෙන ඔක්තොම්බර් 26වන දා සිට නොවැම්බර් 09වන දා දක්වා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වෙන 13වන බාසිලෝනා ආසියානු සිනමා උළෙලේ (ASIAN FILM FESTIVAL BARCELONA) තරගකාරී අංශ නියෝජනය කිරීමට සුදත් මහදිවුල්වැව ගේ "මයි රෙඩ් කොම්රෙඩ්" (MY RED COMRADE) චිත්‍රපටිය සහ ශ්‍යාම් ප්‍රනාන්දු ගේ "මගේ පන්තියේ ළමයෙක්" (TEACH ME) චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.
පසුගියදා පෝලන්ඩ් හි පැවති (European Masters Athletics Championship 2026) යුරෝපා ප්‍රවීණයින් ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී M35 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සුදිප් වෑගපිටිය සමත්විය විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

