විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත විය.
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන් රැසක් එක්ව සිටියහ.
සිය විශ්‍රාම වැටුප තමන් මිය ගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවේ නියැලිණි.
විරෝධතාවෙන් අනතුරුව පිරිස පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් ඔවුන් වැළැක්වීමට ගත් උත්සායහත් සමග උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
