#newstube

  • වික්ටර් අයිවන් සහ ඔහු ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය

    වික්ටර් අයිවන් නොහොත් ‘පොඩි අතුල’ ඔහුගේ මාධ්‍යවේදී භාවිතාව තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් ම මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මූලිකත්ව ගණනාවක් දියත් කළ පුරෝගාමී චරිතයකි.

  • වික්‍රමසිංහගේ ප්‍රශ්නය සහ අපේ ප්‍රශ්නය

    හෙළයේ මහා ගත්කරු "මාර්ටින් වික්‍රමසිංහ" ගැන සහ සැළලිහිණි සංදේශයේ කවියක් සම්බන්ධයෙන් ටියුෂන් ගුරුවරයෙක් සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධ කතිකාවතක් මතු වී තියෙනවා.

  • විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමය ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8 සිට දින 7කට තාවකාලිකව  අත්හිටුවා ඇත.

  • විගණකාධිපති තනතුරට ආයෙත් නමක් යෝජනා කරයි

    මේවන විටත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරෙහි පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඕ.ආර්. රාජසිංහ ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

  • විගණකාධිපතිවරයකු නැතිව ලොකු විගණන වාර්තා 130ක් හිරවෙලා

    විගණකාධිපතිවරයකු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.

  • විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, 

  • විජයදාසට ශ්‍රීලනිප තනතුරු 4ක්

    හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්‍ෂය ඊයේ (12) නිවේදනය කළේය.

  • විජිත සහ ජයිශංකර් අතර හමුවක්

    විදේශ කටයුතු අමාත්‍ය විජිත  මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබේ.

    ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ය.

    අමාත්‍ය විජිත හේරත්  ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවය.


    Screenshot 2025 09 24 150009



    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  සමග අමාත්‍ය විජිත හේරත්  ද එක්වී සිටී.

    ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

    මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

  • විජේගේ අවසන් චිත්‍රපටය 'ජන නායගන්' ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් වාර්තා තබයි

    තවමත් නිල පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් වී නොමැති පසුබිමක, තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසති.

  • විජේරත්න වරකාගොඩ ඇගයුම් උලෙළ

    දීර්ඝ කාලයක් තිස්සේ, වේදිකාව මත ද, ගුවන් විදුලියෙන් ද, සිනමාවෙන් ද, රූපවාහිනියෙන් ද රසික සහ ප්‍රේක්ෂක මනදොළ පිනවූ ජ්‍යේෂ්ඨතම රංගවේදියකු වන විජේරත්න වරකාගොඩ ඇගයුම් උලෙළ එළඹෙන 16වන දා සවස 06ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වේ.

  • විත්තිකරුවකු විසින් ඇල්බේනියානු විනිසුරුවරයෙකු අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කෙරේ

    විභාග වෙමින් පැවැති නඩුවක විත්තිකරු විසින් ඇල්බේනියාවේ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුට වෙඩි තබා ඝාතනය කොට ඇත.

    මෙසේ ඝාතනය වී ඇත්තේ, ඇස්ට්‍රිට් කලාජා නම් වන අභියාචනාධිකරණ විනිසුරුවරයායි.

    තිස් හැවිරිදි වියේ පසුවන සැකකරු එම ස්ථානයෙන් පළා ගිය නමුත් පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

    ඔහු භාවිත කළ බවට විශ්වාස කෙරෙන රිවෝල්වරය ද සොයා ගත් බව පොලිසිය පවසයි.

    මෙම සැකකරු නඩු විභාගයට සහභාගී වූ පියෙකුට සහ පුතෙකුට ද වෙඩි තබා ඇත. ඔවුන් දෙදෙනා ද රෝහල වෙත ගෙන යන ලද අතර ඔවුන්ට සිදුවූ තුවාලවලින් ජීවිත තර්ජනයක් නොමැති බව සඳහන් වෙයි.

    අදාළ නඩුව දේපළ ආරවුලක් සම්බන්ධව පැවති නඩුවක් බව ඇල්බේනියානු පුවත්පත් කියයි.

    ඇල්බේනියාවේ අගමැති එඩි රාමා විනිසුරු කලාජාගේ පවුලට සිය ශෝකය පළ කරමින් “විනිසුරුවරයාට එරෙහිව සිදුකළ සාපරාධී අපරාධයට උපරිම දඬුවම් හිමි වනු ඇතැයි” ප්‍රකාශ කර ඇත.

    එසේ ම, මෙම ඝාතනය අධිකරණ අභ්‍යන්තර ආරක්ෂක පද්ධතිය පිළිබඳ අවධානය යොමු කරවන බව ද පැවසීය.

    ඇල්බේනියානු ජනාධිපති බජ්රාම් බෙගාජ් මෙම ඝාතනය “සමස්ත අධිකරණ පද්ධතියට එරෙහි දරුණු ප්‍රහාරයක්” ලෙස හෙළා දැක ඇත.

    ( mawbima)

    Albanian judge shot dead in court by man during trial

  • විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට වගේම රටේ ආර්ථිකයටත් ඉතා වැදගත් - අමාත්‍ය අනුර කරුණාතිලක

    ‘‘දැනට මෙරට භාවිත වාහන ප්‍රමාණයෙන් විද්‍යුත් වාහන ප්‍රතිශතය සියයට එකයි. ඒක යම් ප්‍රමාණයකින් වැඩිකරලා ඒවා ආරෝපනය කරන්න පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන්න හැකි නම් පොසිල ඉන්ධන සඳහා වියදම් වන රුපියල් බිලියන ගණනක් ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ පුනර්නනීය බලශක්ති විභවතාව ඉහළින්ම ප්‍රයෝජනයට ගන්නත් අවසානයේ දී ආර්ථිකයට ඉහළ දායකත්වයත් ලබාදෙන්නත් පුලුවන්” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර සිටියේ ය. 

  • විදුලි ඇමති - ලේකම් සීතල යුද්ධයට තිත තබමින් පුබුදු නිරෝෂන් යළි පත්කරයි

    බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නැවත වතාවක් පුබුදු නිරෝෂන් පත්කර තිබේ.

  • විදුලි ඇමතිගේ නඩුව අල්ලස් කොමිසමේ ලැයිස්තුවේ 49 වැනි ස්ථානයේ

    2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිල්ලක් අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගත් තීරණය ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.

    ලැබී ඇති අනුපිළිවෙල අනුව ගොනුව සැකසීමට පියවර ගනිමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ගත් තීරණයෙන් පසු, ගොනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වෙත යවා ඇති බවත්, ඔහු එය අවශ්‍ය පියවර සඳහා නීති අංශයට යොමු කර ඇති බවත් දැනගන්නට තිබේ.

    මේ වන විට කොමිසම නීති අංශයට යවා ඇති නඩු 69ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නියෝග කර ඇත.

    අමාත්‍ය ජයකොඩිගේ ගොනුව අංක 49 ලෙස ලැයිස්තුගත කර ඇති අතර නඩු 25කට අදාළ අධිචෝදනා දැනටමත් අවසන් කර ඇත.

    රුපියල් මිලියන 8ක් අයථා පරිහරණය කිරීමේ චෝදනා මත අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

    පරීක්ෂාවට ලක් වූ විශේෂිත ටෙන්ඩරයක් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අමාත්‍ය ජයකොඩි මහතා එවක කටයුතු කර ඇත.

    ගෙවීම් ක්‍රියාපටිපාටි සහ බැඳුම්කර ස්ථානගත කිරීම පිළිබඳ ගැටළු මතුවීමෙන් පසුව ටෙන්ඩරය පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය.

    අයකිරීම පිළිබඳ පෙර විමර්ශන සළකා බලමින් අල්ලස් කොමිසම පරීක්ෂණ නැවත ආරම්භ කර තිබිණි.

    ( divaina)



    Screenshot 2025 09 29 132214

  • විදුලි කප්පාදුවක අවදානම ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

    රටේ කිසිදු අර්බුදයක් නොමැති බවට රජය ප්‍රකාශ කළ ද, මේ වන විට නොරොච්චෝල බලාගාරය කේන්ද්‍ර කරගනිමින් බරපතල ජාතික අර්බුදයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

  • විදුලි බල මණ්ඩලය ඈවර කළේ වෘත්තිය සමිති  සල්ලි වලට අරගෙන ද...?

    දවස් තිස් හතකට ප්‍රමාණවත් තෙල් තිබේ යැයි  පැවසූ ආණ්ඩුව, පරණ ඉන්ධනවල මිල වැඩි වැඩිකරේ ඇයි දැයි වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් විමසී ය.

  • විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිතයි.

    රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා යැයි කියූ බැවින් රාජ්‍ය සේවකයන් බහුතරයක් වත්මන් මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන්න ද අද වන විට විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිත වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ මිහින්තලේ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

    ආණ්ඩුව මරාගෙන මැරෙන්න සූදානම්ලු

    මොවුන්ගේ රැකියා ගැන රජය වගකීමක් ගන්නෙ නැහැ. බලධාරීන්ට අනුව මොවුන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යා හැකි යැයි පවසනවා. විදුලි බල මණ්ඩලය වෙනුවෙන් එදා මහපාරට බැස්ස, මහපාරට බස්සපු නායකයන්ට වගකීමක් ගන්න බැරි බව පවසනවා. ආණ්ඩුව වට්ටවන්න දෙන්න නැතැයි කියමින් ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි පවසනවා.

    බලය නැති දා මේ වෘත්තීය සමිති නායකයෝ මැරෙන්න ලෑස්තු වුණේ විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා ආරක්ෂා කරන්න වුවත් අද බලය ඇති විට මැරෙන්න ලෑස්ති වෙන්නේ බොරු කියා බලයට පැමිණි රජය ආරක්ෂා කරන්න මිස විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නෙවෙයි. එදා කයිවාරු ගහපු වෘත්තීය සමිති නායකයන් අද රජ පුටුවලට පැමිණි පසු මේ සියල්ල අමතක කර, මරාගෙන මැරෙන සටනක් සිදු කර ආණ්ඩුව රැක ගන්න කටයුතු කරනවා. ආණ්ඩු බිහි වන්නේත්, නැති වන්නේත්, මරාගෙන මැරෙන සටනකින් නොව ඡන්ද ක්‍රමය හරහා බවට මොවුන් අමතක කරලා. මැතිවරණ ක්‍රමය තුළ භීෂණය නොමැති වුවත් ආණ්ඩුව අද බලය ගෙන පොදු ජනතාවට තර්ජනය කරමින් සිටිනවා.

    ආණ්ඩුව: ගොවියාත්, ව්‍යවසායකයාත්, රාජ්‍ය සේවකයාත් අමතක කරලා

    අද ආණ්ඩුව: ගොවියා, ව්‍යවසායකයා, රාජ්‍ය සේවකයා, මධ්‍යම පන්තිය ඇතුළු සියලු දෙනා අමතක කර ආණ්ඩුව රැක ගන්න මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි කියමින් තර්ජනය කරමින් යනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මේ මරු පහරවල් ඉදිරියේ නිවටයෝ ලෙස බලන් සිටිනවා ද, මහපාරට බැස ගොවියා රකින්න, පොදු ජනතාව රකින්න, රාජ්‍ය සේවකයා රකින්න, කටයුතු කරනවා ද කියා ජනතාව සිතිය යුතු යි. එවන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට නායකත්වය ලබා දෙන්න අපි සූදානම්. ජනතාවට ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාරයද හරියට ලැබෙන්නෙ නෑ. වල් නාශකවල පවා ගුණාත්මකභාවයක් නෑ. ඉහළ ප්‍රභේදයෙන් යුත් බීජ නොමැතිව, ගොවි උපකරණවල මිල ඉහළ ගිහින්. උපකරණ කුලියට ගැනීමට ද විශාල මුදලක් වැය වන මොහොතක වන අලි ඇතුළු සතුන්ගෙන් වගා හානි පවා සිදුවෙනවා. මේ වගා හානිවලට රක්ෂණ වන්දි ක්‍රමවේදයක් නැහැ. ගොවිතැනේ නියැළී සිටින ජනතාව ගත කරන්නෙ අති දුෂ්කර ජීවිතයක් බැවින් මේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කර අයිතිය ලබා දෙනවා.

    ජනතාව අන්දවා අද රජය සැප පුටුවල

    මෙවැනි ගැටලු මැද වගා කටයුතු කළත් අස්වැන්නට ස්ථාවර මිලක් නෑ. එම නිසා අස්වැන්න තුට්ටු දෙකට විකිණිමට සිදුව ඇති මොහොතක රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා. අද රජයට කට උත්තර නෑ. ජනතාවට: බොරු කියා, රවටා, අන්දවා, මංමුළා කර, ජන ජීවිත නැත්තට නැති කර මේ අය රජ පුටුවල සුරසැප විඳිමින් සිටිනවා. රටේ පොදු මහත් ජනතාව පීඩාකාරී ජීවිතයක් ගත කරමින් අන්ත අසරණ වෙලා.''
      

     

    The leader.lk

  • විදුලි බල මණ්ඩලයේ ආදායම සියයට 38% කින් පහළට

    මේ වසරේ (2025) පළමු මාස හයේදී C විදුලිය අලෙවියෙන් උපයාගත් ආදායම සියයට 38.8කින් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.

  • විදුලි බලේ පාඩුව (2025) රු. බිලියන 38.73ක්

    ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශනවලින් හෙළි වී ඇත.

  • විදුලි බිල වැඩි කිරීමේ රජයේ අනීතික උත්සාහය ප්‍රතික්ෂේප කළාට මහජන උපයෝගීතා කොමිසමට ස්තුතියි...! - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    රජය, විදුලි බිල 11.57%ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කර තිබිය දී රජයේ මේ යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ස්තූතිවන්ත වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න