විහිළුවක් බවට පත්වූ නිදහස් දින සංහිඳියාව

විහිළුවක් බවට පත්වූ නිදහස් දින සංහිඳියාව

ඉස්ලාම් භක්තිකයෙක් විදියට මම දන්න ඉස්ලාමයට අනුව ඉස්ලාමයේ කොහේවත් කියලා නෑ කාන්තාවන් මුහුණ වහන්න ඕනේ කියලා.

ඉස්ලාමයේ පැහැදිලිවම කියලා තියනවා කාන්තාවන්ට වගේ ම පිරිමින්ටත් සංවරව ඇඳුම් අඳින්න ඕන විදිය ගැන. ඒ කොතැනකවත් කියලා නෑ කාන්තාවන් මුහුණ වහගන්න ඕනි කියලා. නමුත් මුස්ලිම් සමාජයේ සුළුතරයක් වගේ කාන්තාවන් මුහුණ වහගන්නවා. ඉතින් ඒක ඒ කාන්තාව ගේ කැමැත්ත නිසා ඒක මට අදාළ නෑ. මම මේ කියන්න හදන්නේ මේ සටහනත් එක්ක දාපු පින්තූරය ගැන.

මුහුණ වහන්නේ දේශපාලකයින් ගේ වුවමනාවට ද...?

අපේ රටේ නිදහස් උත්සවය කියන්නේ රටේ හැම ජාතියකටම, හැම ආමිකයින්ට ම අදාළ උත්සවයක්. පාසල් මට්ටමින් පවා අතීතයේ ඉඳන් නිදහස් උත්සව සමරනවා. පාසල් මට්ටමින් සමරන නිදහස් උත්සවයට උනත් සහභාගිවෙන හැම ජාතියේ ම සිසු දරුවන් නියෝජනය වෙන්න ඕනේ ඒ ඒ ජාතියට අදාළව ශ්‍රී ලාංකික සංස්කෘතිය ආරක්ෂා කරගෙන කියලයි මම විශ්වාස කරන්නේ. ඒකේ තේරුම සිංහල සංස්කෘතියට අදාළ ඇඳුම් අනිත් ජාතීන්වල අය අඳින්න ඕනේ කියන එක නෙමෙයි.

ශ්‍රී ලාංකික මුස්ලීම් කාන්තාවන්ට ඉස්ලාමයේ කියලා තියෙන විදියට ම ශ්‍රී ලාංකීය අනන්‍යතාව ඇති සංවර ඇඳුම් ඇඳගෙන නිදහස් උත්සවයට සහභාගි වුනාම එතනදි අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන්න පුළුවන් වගේම පට්ට ම ලස්සනකුත් එතනදි ඇති වෙනවා. නමුත් එහෙම නොකර මේ කොහේවත් ඉන්න දේශපාලකයින් ගේ වුවමනාවලට මුහුණ වහගෙන අරාබිකරයේ කාන්තාවක් වගේ පෙනී ඉඳගෙන අපේ රටේ ජාතික කොඩිය අතේ තියන් නිදහස් උත්සවයට සහභාගි වුණා ම එතනදි ශ්‍රී ලාංකීය සංස්කෘතිය වගේ ම අපේ කම දකින්නට ලැබෙන්නේ නෑ. ඔතනදි නිකන් විහිළුවක් බවට පත්වෙන එක විතරයි සිද්ධ වෙන්නේ.

scl1

ලොවෙත් සංහිඳියාවක් ඇති නොවන වැඩ

නිකන් මාරම සංහිඳියාවක් ලෝකයට පෙන්නන්න හිතාගෙන මේ වගේ ගොන් වැඩ කරන එක නවත්තන්න ප්ලීස්. පාසල් ඇතුළටත් ඔය තුට්ටු දෙකේ ආතල් එක ගේන්න එපා. මොකද කයි ආණ්ඩුව කියන්නේ ආගමක්, ජාතියක් නැති, රටක් සංස්කෘතියක් නැති නිකන්ම නිකන් හිපාටුවෝ උනාට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව එහෙම නෑ. අපේ රටේ හැම ජාතියකට ම තියෙනවා ආගමක් වගේම ශ්‍රී ලාංකීය සංස්කෘතියක්. මේවා නිකන් විහිළුවට අරන් ජාතීන් අතරේ බේද බින්න ඇති කරලා, වෛරය වපුරලා, ආගම් සමච්චලයට පත් කරන්න හදන පහත් වැඩේ දැන්වත් නවත්වන්න. සිංහල බෞද්ධ පාසල්වලට යන මුස්ලිම් ගැහැණු දරුවන් තියා බම්බලපිටියේ මුස්ලීම් ලේඩිස් කොලේජ් එකට යන මුස්ලිම් ගැහැණු දරුවන්වත් මුහුණ වහගෙන ඒ ඉස්කෝලෙට යන්නැති එකේ මේ මොකද්ද මිශ්‍ර පාසලක නිදහස් උත්සවයට මේ මුහුණ වහලා කරලා තියෙන විකාර වැඩේ...? සංහිඳියාව ඇති කරන්න කියලා හිතාගෙන ඔය කරපු ගොන් වැඩවල් හරහා නම් ලොවෙත් සංහිඳියාවක් ඇති වෙන්නේ නෑ කියන එකත් මතක් කරලා දෙන්න ඕනේ.

මුස්ලීම් සමාජයත් දැනගන්න ඕනේ මේ වගේ විහිළු සපයන දේවල්වලට තමන් ගේ දරුවන්ව සහභාගි නොකර පාඩුවේ ඉන්න.

 

akram1 

මොහමඩ් අක්රම්

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න