ජපාන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ එරට අග්‍රාමාත්‍ය සනයි තකයිචි වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබ පැතුම් එක්කර ඇත.
ජපාන අගමැතිනී තකයිචිගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) ප්‍රමුඛ පාලක සන්ධානය, ඉරිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී බහුතර බලයක් දිනාගෙන තිබුණි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ, මහ මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය තකයිචි ලැබූ සුවිශේෂී ජයග්‍රහණයට තමන් සුබ පැතුම් එක් කරන බවය.
ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දු-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.
අග්‍රාමාත්‍ය තකයිචිගේ නායකත්වය යටතේ ඉන්දු - ජපාන මිත්‍රත්වය ඉහළ තලයකට ගෙන යන බව තමාට විශ්වාස බව ද අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කරයි.


