විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) කැත දේශපාලනය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) කැත දේශපාලනය

UGC කැත දේශපාලනය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති  තේරීමේ ඉදිරිපත් කිරීම්වලදී පැහැදිලි වෙයි.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති  තේරීමේ ඉදිරිපත් කිරීමට පෙර දින පාලක මණ්ඩලයේ පත්කළ සාමාජිකයන් සඳහා විශේෂ සූම් සාකච්ඡාවක් කැඳවූ UGC සභාපතිවරයා තම කැමැත්ත පළ කළ යුතු ආකාරය පිළිබඳ විස්තර කර දී ඇත. ඒ අනුව NPP දේශපාලනයට සම්බන්ධ යාපනයේ මහාචාර්ය සංවිධායකවරයකු  හට වැඩිම ඡන්ද ලැබී තිබේ.

එහි දී ලබා දුන් උපදෙස් මත එක් පීඨාධිපතිවරයෙකුට ඡන්දය ලබා දීමට අවස්ථාව අහිමි කර ඇත; එය සිදුවී ඇත්තේ මෙසේ ය.

මීට ටික කලකට පෙර පැවති පීඨාධිපති නිලවරණයකින් එක හා සමාන  ඡන්ද ලබාගත්  දෙදෙනකු සිටි බැවින් තනතුරු කාලය  සමාන ලෙස බෙදා ගැනීමට තීරණය කර තිබුණි. එහෙත් මුල් තනතුරු කාලය දරණ පීඨාධිපතිවරයාට උපකුලපති තේරීමේ ඡන්දය ප්‍රකාශ කිරීමට පාලක සභාවේ සාමාජිකයින් වැඩි ඡන්දයෙන් යෝජනාවක් සම්මත කර අවස්ථාව ලබාදී නොමැත.

මෙම තත්ත්වය අනාගතයේ දී සරසවි උපකුලපත් මතු නොව පීඨාධිපති තනතුර තෝරා ගැනීමේ දි පවි මතුවිය හැකි භයානක පෙරනිමිත්තක් යැයි විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න