විපක්ෂය කියනකම් ඉන්න එපා; චෝදනා තියෙන බලශක්ති ඇමති ඉල්ලා අස්වෙන්න - නාමල් රාජපක්ෂ

විපක්ෂය කියනකම් ඉන්න එපා; චෝදනා තියෙන බලශක්ති ඇමති ඉල්ලා අස්වෙන්න - නාමල් රාජපක්ෂ

බලශක්ති ඇමති හට  අධිචෝදනා ගොනු කර ඇති බැවින් විපක්ෂය කියනතුරු නොසිට ඇමතිවරයා ඉල්ලා අස් විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මේ බව පැවසුවේ කොලඹ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

නූතන පරම්පරාවට ගැළපෙන ලෙස හැඩගැසිය යුතුයි

''බාල ගල් අඟුරු ගෙනාවා කියලා ඇමැතිවරු අද පිළිගන්නවා. හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට. ආණ්ඩුව ම කියනවා බඩු බාලයි කියලා. හැබැයි ගෙවන්න වෙන්නේ කාටද ජනතාවට. දැන් ඒක සාධාරණ ද...? ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ළඟ චෝදනා තියෙන හොරකම් කරපු කවුරුත් නෑ කියලා. හැබැයි දැන්... ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළෙ නායකයෝ බිහිවෙන්න ඕන. නායකයන් බිහිවෙලා දේශපාලන පක්ෂ ශක්තිමත් වෙන්න ඕන. මම හිතනවා එක පැත්තකින් ඒකාබද්ධ විපක්ෂය වෙන්න පුළුවන්, සජිත් ප්‍රේමදාස මහත්තය ගේ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන්, රනිල් වික්‍රමසිංහ මහතා ගේ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන්, අනුර කුමාර මහත්තය ගෙ දේශපාලන පක්ෂය වෙන්න පුළුවන් මේ හැමෝම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව ඇතුළේ ජනතාව එක්ක දේශපාලනය කරන දක්වන උනන්දුව පිළිබඳව මම හිතන්නේ තරුණ දේශපාලඥයෙක් විදිහට නූතන පරම්පරාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් අපි ඉතින් අපි සතුටු වෙනවා අපේ ඉහළ පරම්පරාවත් ඉතාමත් සක්‍රීයව දේශපාලනය කරන්න මැදිහත්වීම ගැන. මම හිතන්නේ මේ හැම සංකලනයක් ම තියෙන්න ඕන රටේ. පරිණත සහ ජේෂ්ඨ අත්දැකීම් තියෙන අයව පැත්තකට කරන්න බෑ. අපි ඒක තරුණයෝ විදියට තේරුම් ගන්න ඕනේ. මම හිතන්නෙ රටේ තරුණ පරම්පරාව රටේ තරුණ නායකයෝ බිහිකරනව නම් ඒ තරුණ නායකයෝ අතර ජ්‍යෙෂ්ඨ නායයින් ඉන්න ඕන. ඉතින් ඒ ජ්‍යෙෂ්ඨ නායකයන් ගෙ අත්දැකීම් මගහැරියම ඉතිහාසයට ම සාප කරාම, වර්තමානයට සහ අනාගතයට වෙන දේ අපිට පේනවනේ. ඒක නිසා ඉතිහාසයකට සාප කරන එක නෙවෙයි කළ යුත්තේ. ඉතිහාසය අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන නවීකරණය වෙලා ඉස්සරහට යන්න ඕනේ. ඉතිං ඒ දේශපාලනඥයෝත් මේ සියලු දෙනා ම මේ යථාර්ථය තේරුම් අරගෙන නූතන පරම්පරාවට ගැළපෙන විදියට හැඩගැහෙන්න ඕනේ.

එදා කකුලෙන් ඇදපුවා අද පස්සෙන් එනවා

මම හිතන්නේ ලෝකයේ මෙවැනි සිදුවීමක් සිදු වෙනකොට ලෝකයේ හැම රටක් ම සූදානම් වුණා. ඒක මේ ආයෙ අමුතුවෙන් අපි ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඒක තේරුම් නොගත්ත අයට විපක්ෂය වගේ ම රටේ ජනතාව  බුද්ධිමත් ජනතාව මතක් කරලා දුන්නා. හැබැයි යම් තැන්වලදී ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නෑ; යම් තැන්වලදි ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරා. හැබැයි අර කලින් අහපු ප්‍රශ්නෙත් එක්ක පළපුරුද්දක් නැති ජේෂ්ඨත්වයක් නැති හින්දද කියන්න දන්නෙ නෑ සමහර කාරණාවලදී ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම තමයි අපි අද දකිනවා පරක්කු වෙලා හරි සමහර දේවල් ක්‍රියාත්මක කරනවා. පරක්කු වෙලා හරි එදා අපි කියපුවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් දැන්වත් අවුරුදු තුන හතරකට සැලසුම් කරන්නේ නැතුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි  සම්බන්ධයෙන් සංවර්ධනය කරන්න ආයෝජකයෝ ගේනකොට මේ අය විරුද්ධ වුණා. අධිවේගී මාර්ග හදනකොට බල්ලෝ බළල්ලුන්ට පාරමාරු වෙන්න බෑ කියලා කිව්වා. වරායවල් හදනකොටත් එහෙමයි. ගුවන්තොටුපොළවල් හදනකොටත් එහෙමයි. බලශක්තිය සම්බන්ධයෙන් බලාගාර හදනකොටත් එහෙමයි. එදා විරුද්ධ නොවුණා නම් අද සමහර විට මේ ආණ්ඩුවට මේ අභියෝගයට මුහුණ දෙන සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම්  තෙල් සංචිත තියෙනවා ගුවන් තොටුපළවල් යම්තාක් දුරකට සංවර්ධනය වෙලා තියෙනවා. බල ශක්තිය පුනර්ජනනීය බල ශක්තිය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එදා තමන් කකුලෙන් ඇදපුව තමයි අද පස්සෙන් එන්නේ. ඉතින් දැන්වත් ඉතිහාසයට සාප කරාට කමක් නෑ තමන් ඉතිහාසය කරපු වැරදි අධ්‍යනය කරලවත් ආපහු ඒවා නොකර හිටියොත් හොඳයි.

මෙයාල දේශපාලනය කළේ ජනතාව නොමග යවලා

ලැම්බෝගිනි දහඅට වගේ,  උගන්ඩවේ සල්ලි වගේ,  ඩොලර් බිලියන 18 වගේ,  එංගලන්තේ බකින්හැම් මාළිගාව වගේ,  අර සාක්කුවේ දාගෙන හිටපු චෙක් වගේ,  හැමදෙයක්ම තමන් මේ රටේ ජනතාව රවට්ටලා ජනතාව මුහුණ දීපු ආර්ථික සමාජය දේශපාලන අස්ථාරත්වය සහ අභියෝගය පාවිච්චි කළා. ඒවා පාවිච්චි කරලා ජනතාව නොමග යවලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය කෙරුවා. ඒක හරි වැරදි. දැන් ආණ්ඩුවටත් අවුරුදු එකහමාරක් දෙකක් වගේ වෙනවනේ තව අවුරුදු කීපයක් තියෙනවා දැන්වත් ආණ්ඩුව වැරදි හදා ගත්තොත් හොඳයි. මේ අය කියපු බොරුවල හැටියට සැප වාහනයක යනවා කියන එක පොඩි දෙයක්, හෙලිකොප්ටර්වල යන්නෙ නෑ කියලා ආපු අයනේ. ඊට වඩා ලොකු ප්‍රශ්න රටේ ජනතාවට තියෙනවා. එක පැත්තකින් බුද්ධි අංශ ප්‍රධානියා හිරේ. අද බුද්ධි අංශ දුර්වල වෙලා තියෙනවා. මහා සංඝරත්නට කරන අසාධාරණය සංස්කෘතියට වෙන විනාශය මේ කාරණා තුළ රටට වෙන හානිය වැඩියි. ආණ්ඩුව සැප වාහනයක ගියාට කමක් නෑ රටේ බුද්ධි අංශ ශක්තිමත් කරලා මහා සංඝරත්නය ආගමික නායකයෝ ආරක්ෂා කරගැනීම තමයි කළ යුත්තේ.

කන්ටේනර් පැන්නුවේ කවුද...?

කන්ටේනර් දෙක පන්නපු අයගේ ලියුම් එළියට එනකොට කවුද බලපෑම් කළේ ඇයි කියලා තහවුරු වෙයි. අපිටනේ ඇඟිල්ල දික් කරේ දැන් ඔය කන්ටේනර් දෙක පන්නපු එක කන්ටේනර් 323 පන්නපුවා සමාජයට ඇත්ත තේරුම් ගන්න කොට කවුද ඒවා පිටුපස්සේ ඉන්නේ කියලා තහවුරු වෙයි. එතකොට ඔය ප්‍රශ්නය මගෙන් අහන එකක් නෑ. උත්තරේ හම්බවෙනවා ඒකෙන්. මහින්ද රාජපක්ෂ හදපු වරායවල් ගුවන්තොටුපළ මේ වෙලාවේ උපාය මාර්ගිකවවැදගත්කමක් ලෙස ගන්නේ නැත්තේ මේ අය මහින්ද රාජපක්ෂනේ හැදුවේ. මොකද එහෙම උනත් ඒ අයට පිළිගන්න වෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරපු ආයෝජන හරියි කියලා. ඒ හින්ද ඒවා අත ඇරලා දාලා දාලා ජනතාව පිට බර පටවලා ඉන්නවා. ඒක හරි වැරදි එහෙම කරන්න හොඳ නැහැ.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න