Language Switcher

Ad

Ad 01

V2025

විමල් ඇවිස්සු පරණ කතා

යළි වැඩ ආරම්භ කළ කඩවත – මීරිගම කිලෝමීටර 37ක අධිවේගී මාර්ග කොටස සෑදීමට බොරු කතා ගොතා එදා ප්‍රමාද කළ අයට අද එදාට වඩා හත් අට ගුණයක් වැඩියෙන් මහජන මුදල් වැය කර මිලියන ගණනක වන්දියක් ද සමගින් එම මාර්ගයේ වැඩ කටයුතු පටන් ගන්නට සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ (සැප්. 17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

 

මේ අය එදා පඬුකරඳගහ ඇතුළු විවිධ කතා කියලා මිථ්‍යා මත පතුරලා මේ වැඩ කටයුතු ප්‍රමාද කළා. මේ අය එදා සහයෝගය දී කටයුතු කළා නම් මේ හා මහා විශාල මුදලක් වැය නොකර එදා මේ මාර්ගය සකස් කර ගත යුතුව තිබුණු බවත් ඒ තුළින් විශාල මුදලක් රටට ඉතිරි කර ගත හැකිව තිබුණු බවත් නමුත් එහෙම කටයුතු නොකොට එදා බොරු කියා මිථ්‍යා මත කියා මෙය නතර කරන තැනට කටයුතු කළා. එදා ජාතික ජන බලවේගයේ හිටිය මහත්වරු අද ඒ මුදලටත් වැඩි වැඩිපුර මුදල් විශාල ප්‍රමාණයක් වැය කර වියදම් කර මේ අධිවේගී මාවත සකස් කරන්නට කටයුතු කරන බවද විමල් විරවංශ පැවසීය.

 

ඔහු සඳහන් කළේ, එදා මේ මාර්ගයේ කිලෝමීටර් 37ක ගමන් මාර්ගය සකස් කරන්න ඉඩ දුන්නා නම් මෙතරම් මුදල් විනාශයක් සිදු වන්නේ නෑ. එහෙම කළා නම් මේවගේ හත් අට ගුණයක් වගේ ප්‍රමාණයක් සකස් කරන්න හැකියාවක් තිබුණ බව ය.


විකුණාගෙන කෑම, හිඟා කෑම, උලා කමින් රට පෙරට ගමන් කරවීමේ ආර්ථික ප්‍රතිපත්තියක ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් කරන බවත් ජනතාවගේ ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනතාව නැති බංග කරන්නට කටයුතු කරමින් රට විනාශයට පත් කර විදෙස් රටවලට රටේ සම්පත් ගෙඩි පිටින්ම බිලි දෙන්නට කටයුතු කරන බවද විමල් විරවංශ පැවසීය.

ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 34-35ත් අතර මුදලක් ගෙවීමට සිදුවෙලා යැයි ඇමති බිමල් ප්‍රකාශ කලේය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 17) පැවැත්විණි.

ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක් වන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවා තිබිණි.

ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කලේ, ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 34-35ත් අතර මුදලක් ගෙවීමට සිදුව ඇති බවය.