විපක්ෂය 'දිට්වා' ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

විපක්ෂය 'දිට්වා' ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරනලෙසට විරුද්ධ පක්ෂය අද (18) දින කතානායක ජගත් වික්‍රමරත්නගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුරාධ ජයරත්න විසින් ලිඛිතව කරන ලද මෙම ඉල්ලීමට විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 25 දෙනෙකු අත්සන් කර තිබිණ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය ලෙස සැළකෙන දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හානි හා දේපළ හානි තවමත් නිවැරදිව තක්සේරුකර නොමැති බවත් මෙම සියලුම කරුණු වලට සාධාරණයක් වියයුතු බවත් අනුරාධ ජයරත්න මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක 22ක් පවතින බැවින් ඒ සෑම දිස්ත්‍රික්කයක් සඳහාම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් නියෝජනය වියහැකි පරිදිද විපක්ෂයේ පක්ෂ 12 ක් පවතින බැවින් විපක්ෂයේ නියෝජනය වැඩි කළ හැකිවන පරිදිද ඊට සමානුපාතිකව ආණ්ඩුවේ නියෝජනය වැඩි කළ හැකිවන පරිදිද එම කාරක සභාවේ සංයුතිය සමාජිකයින් 30ක් දක්වා වැඩිකිරීමටද කටයුතු කරන ලෙසටද අනුරාධ ජයරත්න කතානායකට යොමු කළ ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ එම ඉල්ලීම සහිත ලිපියයි



ditwah1

දෙස් විදෙස් කාලගුණ විද්‍යා අංශ මෙම කාලගුණ ආපදාව කල්තියා දැනුම් දී තිබියදී රටේ ආපදා කළමනාකරණය ක්‍රියාත්මක නොවුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පෙරවරුවේ ප්‍රශ්න කළේය.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න