Image

විපක්ෂය වහාම කොකිස් බැදීම නවත්වන්න - Ideas front වීඩියෝවක්

විපක්ෂය වහාම කොකිස් බැදීම නවත්වන්න - Ideas front වීඩියෝවක්

මේ වන විට රටෙහි පවතින්නේ බැරෑරුම් ලෙස විසඳිය යුතු අති දැවැන්ත ප්‍රශ්න තොගයක් වුව ද විපක්ෂය කරන්නේ කොකිස් බැදීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එමෙන් ම බලයේ සිටින අය ද මේ දිනවල balcony නාට්‍ය නරඹන්නේ නම් වඩාත් සුදුසු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ විපක්ෂය එකතු විය යුතු වුව ද ලංකාවේ විපක්ෂය එකතු කළ නොහැකි බවයි. ඒකතු කළ ද අවසන සිදුවන්නේ සුබ සහ යස නාට්‍යයේ අවසන සිදුවූ දෙයම බවත්, එබැවින් මේ මොහොතේ ආණ්ඩුව ද විපක්ෂය ද යන දෙපාර්ශ්වය ම ''සුබ සහ යස'' කියවිය යුතු බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න