පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම සහ බලපෑම් කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අසංක නවරත්න යන අයට මෙන්ම සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, මහින්ද පතිරණ සහ සුගීෂ්වර බණ්ඩාරයන අයට ලබන ජූලි මස 01 දා අධීකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද ප්‍රතික්ෂේප කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එය අභියාචනාධිකරණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන්නේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිටු 17 වාර්තාවක් ගොනු කරමින් අධිකරණය හමුවේ දැනුම් දුන්නේ ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය. එසේම ඔවුන් මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශවල සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා (ජාතික, ස්වාධින, සිරස, ශක්ති, හිරු,ටී එන් එල්, වසන්තම්, දෙරණ,සියත, ස්වර්ණවාහිනී) නියෝග නිකුත් කළේ ය.
එමෙන්ම වීඩීයෝ කළ මාධ්‍යවේදීන් වීඩියෝ ශිල්පීන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය දක්වන ලෙස මාධ්‍ය ආයතන 10කට නියෝග කළේ ය.
සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද පොලිසිය සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
