පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව සඳහන් වුව ද සභානායකවරයා ගේ කතාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය අසමත් යැයි පැවසූ බැවින් එය අපහාසයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (21) පාර්ලිමේන්තුවේ දී ය.
ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය සමත් නැති බවට චෝදනා කළත් ආණ්ඩුව 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අසභ්‍යකරණය ඇතුළත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

