අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ලබන (23) වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පැමිණිල්ල අද (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි (23) වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැවැති විරෝධතාවලදී පළ කරන ලද අදහස් මඟින් අදාළ වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත්, ඒ අනුව ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
