තමා මහ බැංකු අධිපති ධුරය බාරගන්නා අවස්ථාවේ දි රටෙහි පැවති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන විසි පහකටත් අඩු ප්‍රමාණයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සම්මුඛ සාකච්ඡාවක දී; 2022 වසරේ අප්‍රේල් 12වන දින සිට ණය පැහැර හැරීමට සිදු වූයේ ඇයි ද යන්න පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රටෙහි පැවතියේ ඩොලර් මිලියන 25ක් වුව ද 2022 වසරේ අප්‍රේල් 18වන විට ගෙවීමට තිබූ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් 200කට අධික යැයි ද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේ ය.
මතු පළ වන්නේ මහ බැංකු අධිපතිවරයා කළ අදහස් දැක්වීම අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

