2025 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී MAS හට ජයග්‍රහණ රැසක්

2025 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී MAS හට ජයග්‍රහණ රැසක්

ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය.

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙරට පාරිසරික යහපැවැත්ම වෙනුවෙන් කැපවන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සහභාගි වූ මෙම සම්මාන උලෙළේදී, විවිධ අංශ නියෝජනය කරමින් පරිසර සංරක්ෂණය, තිරසාරත්වය සහ පරිසර – හිතකාමී නවෝත්පාදනය වෙනුවෙන් ඔවුන් දක්වන විශිෂ්ට දායකත්වය ඇගයුමට ලක් කෙරිණි. මෙවර සම්මාන උලෙළේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගත් සමාගම් අතර MAS Holdings ද විශේෂයෙන් කැපී පෙනුණු අතර ඔවුන්ගේ තිරසාර පාරිසරික උත්සාහයන් උදෙසා ව්‍යාපාරික අංශ කිහිපයක් මෙහිදී ඇගයීමට ලක් විය.

මෙහිදී MAS Active Linea Intimo, ඇඟලුම් හා රෙදිපිළි සැකසුම් කර්මාන්ත කාණ්ඩය (A සහ B වර්ගය) සඳහා රන් සම්මානය හිමි කරගත් අතර MAS Kreeda Vaanavil, රිදී සම්මානයත් Silueta, ලෝකඩ සම්මානයත් දිනා ගත්තේය.

මේ අතර ඇඟලුම් කර්මාන්ත කාණ්ඩය (A සහ B වර්ගය) සඳහා MAS Kreeda Shadeline හා MAS Intimates Thurulie, රිදී සම්මානත් MAS Active Contourline ලෝකඩ සම්මානයත් MAS Kreeda Balangoda කුසලතා සම්මානයත් හිමිකර ගත්තේය.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ බලපත්‍ර (EPL) ක්‍රමවේදය යටතේ මෙම ඇගයීම් ක්‍රියාවලිය සිදු කරන ලද අතර එමඟින් පරිසරයට කොපමණ යහපත් බලපෑමක් කළ හැකිද යන්න මත පදනම්ව කර්මාන්ත කාණ්ඩගත කෙරේ. A සහ B කාණ්ඩයේ කර්මාන්ත ඉහළ පාරිසරික බලපෑමක් ඇති කරන බව සලකනු ලබන අතර දැඩි නීති රීති අනුගමනය කළ යුතුය.

මෙම EPL ක්‍රමවේදය මඟින් මහා පරිමාණ කර්මාන්ත ජාතික පාරිසරික මාර්ගෝපදේශ තුළ වගකීමෙන් ක්‍රියාත්මක වන බව සහතික කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න