මෙවර ‘mirror arts’ කතා බහ සමගින් එක් උනේ සුවිශේෂී චරිතයක්.
ඇය නමින් වෛද්‍ය නිශානි ප්‍රනාන්දු.
මෙරට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙක් හා නිෂ්පාදකවරයෙක් වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ වැඩිමහල් දියණිය වන්නේ ඇයයි. නිශානි විවාහ වී සිටින්නේ විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරා සමගයි.
නිශානි වෘත්තියෙන් වෛද්‍යවරියක ලෙස කටයුතු කළත්, සිනමාවට හා කලාව සමගත් සහසම්බන්ධව කටයුතු කරනවා.
නිශානි විසින් නිෂ්පාදනය කොට විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද “දඩඉම” (End of the Hunt ) 2023 චිත්‍රපටය හරහා නවතම කලාත්මක චිත්‍රපටයක් සිනමාවට දායාද කිරීමට ද ඔවුන් සමත් උනා.

ඉතින්, නිශානි ප්‍රනාන්දු සමග ගෙවුණ මෙවර කතා බහ බොහෝ අතීත මතකයන් අවදි කල මොහොතක් බවට පත් උනා.
නිශානිට සිය කුඩා කාලයේ සිටම සිය පියාගේ සිනමා සම්බන්ධතාවයන් නිසා ලංකාවේ අසහාය සිනමා පෞර්ෂයන් වූ විජය කුමාරණතුංග, මාලනී ෆොන්සේකා වැනි කලා තරු සමග සමීපව ඇසුරු කරන්නට අවස්ථාව උදා උනා.
කලා ලොවේ ප්‍රවීණයන් සමග ගෙවුණු ඒ මතයන් පිළිබඳව ඇය මෙවර වැඩසටහනේදී සිය මතකය අවධි කළා.

නිශානි ප්‍රනාන්දුගේ දිවි ගමනේ සන්ධිස්ථානයන්, අතීත මතකයන් මෙන්ම තවත් බොහෝ දේ ගැන කතා බහට ලක් කළ මේ සම්පූර්ණ කතා බහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.
වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

