“මට තවදුරටත් සම්මාන ගැන ආසාවක් නෑ” - හර්ෂ තෙන්නකෝන් (video)

“මට තවදුරටත් සම්මාන ගැන ආසාවක් නෑ” - හර්ෂ තෙන්නකෝන් (video)

ලංකාවේ සම්මාන උළෙල වල පවතින උත්කර්ෂය ක්ෂේත්‍රයේ (field) ද පැවතිය යුතු බව තමා විශ්වාස කරන බව ද,

සම්මාන උළෙලවල තියෙන උත්කර්ෂයම ක්ෂේත්‍රයේද තිබෙන දවසට සම්මානය එයම වන බව හර්ෂ තෙන්නකෝන් පවසනවා.

ජනප්‍රිය රංගන ශිල්පී හර්ෂ තෙන්නකෝන් මේ අදහස් පළ කළේ මෙවර ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ වෙමින්.

වේදිකාව හරහා රංගනයට පිවිස ටෙලි නාට්‍ය හා සිනමාවට අවතීර්ණ වූ ඔහු 'සකර්ම', 'මාණික්කාවත', 'සී රජ' , ‘ගිනි අවි සහ ගිනි කෙළි’.. වැනි ටෙලි නිර්මාණ රැසක් හරහා ප්‍රකට කළ රංගනයන් තුළින් බොහෝ ප්‍රේක්ෂක අවධානය හා ජනප්‍රියත්වය දිනා ගැනිමට සමත් උනා.

harsha1

එමෙන්ම 'රෂ්', 'ගින්නෙන් උපන් සීතල'.. වැනි චිත්‍රපට හරහා ද ඔහු ප්‍රේක්ෂකයාට සමීප උනා.

‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ නොයෙල් අමරසිංහගේ චරිතය අදටත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වන චරිතයක්.

පසුගිය වසරක් පමණ විදේශගතව සිටියත් ඔහු නැවතත් ලංකාවට පැමිණ මේ වන නිර්මාණ රැසකට සම්බන්ධ වෙමින් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව කටයුතු කරනවා.

ඉතින්, මේ අතරේ අපත් සමග සම්මුඛ වෙමින් ඔහු සිය රංගන දිවියේ මෙන්ම සිය දිවි ගමනේ සන්ධිස්ථානයන් ,මතකයන් 'Mirror Arts' සමග බෙදා හදා ගත්තා.

වර්තමානයේ රූපවාහිනී, ටෙලි නාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රය ගැනත් ඔහු අදහස් පළ කළා.

490267284 1311905213717501 9023951352762531773 n

ක්ෂේත්‍රයේ ඇති විවිධ ගැටළුත් ඒ පිළිබඳව ඔහුගේ අදහස් ද ඔහු අපත් සමග පැවසුවා.

රංගන ශිල්පී හර්ෂ තෙන්නකෝන් සහභාගී වූ මේ සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම්.

 

වීඩියෝව නරඹන්න පිවිසෙන්න් පහළින්>>

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න