තම බැංකුව සහ සේවකයින් මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඔවුන් ගේ අයිතිවාසිකම්, හිමිකම් වෙනුවෙන් සහ බැංකුව රැකගැනීමට වෘත්තීය ක්‍රියා මාර්ග රැසක් ගන්නා බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ වෘත්තීය සමිති නායකයෝ පවසති.
ලක්දිව උසස් අධ්‍යාපනයේ ඉතිහාසය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සමග සමීපව බැඳී පවතී.
ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වන්නේ නම් තමන් කැමති යැයි දේශපාලන විශ්ලේෂක සහ ජනමාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ලොව පුරා ඇතිවී තිබෙන යුද තත්ත්ව හේතුවෙන් සමස්ත සැපයුම් දාමයට දැඩි බලපෑම් සිදු වී ඇති බැවින්: භාණ්ඩ හා සේවා, බලශක්ති, ආනයන අපනයන, සංචාරක මෙන්ම අධ්‍යාපනය යන ක්ෂේත්‍රවලට සෘජු සහ වක්‍ර බලපෑම් ඉතා දැඩිව බලපා ඇතැයි මහාචාර්ය රේණුකා හේරත් පැවසී ය.
රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ 'ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,' යනුවෙන් බවත්,
දැනට පවතින යුදමය වාතාවරණයේ දී කිසියම් රටක් හෝ කණ්ඩායමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එයින් කියවෙන්නේ බලගතු පාර්ශ්වයට යටහත් බවක් ප්‍රදර්ශනය කිරීම යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වයට සහන සැලසීම වෙනුවෙන් මෙරට රජයේ ආයතන සහ මානුෂීය සංවිධාන සමඟ ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීම සඳහා ඊයේ සිය හදිසි සම්බන්ධීකරණ පද්ධතිය සක්‍රීය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත.
20 වන සියවසේ මුල් දශකවල දී, වනාන්තරවලට වැදී වන වැද්දන්ගෙ ජිවන සුවද අත්විදිමින් එවා සාහිත්‍ය ලෝකයට ගෙන ආ, ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් ගැන මතකය අවකිරිමක් මේ.
ජාවාරම්කරුවන් යනු ආණ්ඩු පත් කිරීමට මෙන් ම ආණ්ඩු එළවීමට ද මුදල් වියදම් කරන්නන් යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් නාවුක ගමනාගමනයට බාධා එල්ල වීම ඇතුළු මැද පෙරදිග යුද්ධය හා බැඳුණු විවිධ ගෝලීය කාරණා හේතුවෙන් ලංකාවේ ආහාර අර්බුදයක් නුදුරේ ම ඇතිවීමේ අවදානමක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකතනය කරති.
ලංකාවේ දේශපාලනයේ ඇත්ත මිනිස්සු දුර්ලභ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
හෙරොයින් හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් තමන්ට ශ්‍රී ලංකාවේ කිසිදු පොලිස් ස්ථානයක කිසිදු පැමිණිල්ලක් හෝ පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර තිබේ.
මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයකට බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේය.
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ 08) පැවති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම තත්ත්වය සියදිවි හානිකර ගැනීම සඳහා ද වැඩි වශයෙන් බලපා ඇති බවය.
ගම්පහ පාසල් සිසුන්ගෙන් 24%කට විෂාදය
මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් සියයට විසිහතරක් (24%) විෂාදයෙන් පෙළෙන බවට සායනික වශයෙන් තහවුරු වී ඇති බවයි.
මෙය භයානක තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.
කැලණිය විශ්වවිද්‍යාලය සහ මොනෑෂ් විශ්වවිද්‍යාලය එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් එක්දහස් හතළිස්පස් දෙනකු (1,045) සහභාගි කරගෙන සිදුකළ
පරියේෂණයකින් මේ බව හෙළිව තිබේ.
එසේම සිසුන්ගෙන් සියයට හැටක (60%) පිරිසක් විශේෂ රෝග තත්ත්වයක් නොමැතිව මානසික ආතතියෙන් පෙළෙන බවද හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පාසල් සිසුන්ගෙන් බහුතර පිරිසකට ඔරොත්තු දීමේ හැකියාව නොමැතිකම බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ මෙම දරුවන්ගේ ගැටලුවලට දෙමව්පියන් ඇහුම්කම් නොදීම සහ ඔවුන්ගේ ප්‍රශ්න නොසලකා හැරිමයි. මීට අමතරව කුඩා කාලයේ ඔවුන්ට සිදුවූ වධහිංසා සහ අපයෝජනවලට පිළියම් යොදා නොමැතිවීම, නිරන්තරයෙන් විභාග සඳහා යොමු කිරීම, විශේෂයෙන් මාස තුනකට වතාවක් වාර විභාග පැවැත්වීම ද මෙසේ දරුවන් ආතතියට පත්වීමට හේතුවක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
(වරුණි පෙරමුණ)
1990 දශකයෙන් පසු, විශේෂයෙන් ම චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආගමනයෙන් පසු ලංකාවේ නීති පද්ධතියේ (system) විශාල බිඳ වැටීමක් දක්නට ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ලංකාවේ පළවෙනි චිත්‍රපට තුනට ම මගේ සීයා 40-50 දශකයේදී මුදල් යොදවා ඇත.
ශ්‍රී ලංකාවේ චිත්‍රකතා (Comics) ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී එය 20 වන සියවසේ මැද භාගය තෙක් දිව යන බව දක්නට ලැබේ.
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.
වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.
2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.
ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.
දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.
අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.
දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.
මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.
දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

