යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27වන සැසිවාරය පෙබරවාරි 12 කොළඹ දී

යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27වන සැසිවාරය පෙබරවාරි 12 කොළඹ දී

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් පවත්වනු ලබන යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹ දී පැවැත් වේ.

රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ප්‍රමුඛතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින හවුල්කාරිත්වය සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේ ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ඉහළ මට්ටමේ රැස්වීමේ දී එක්ව කටයුතු කරන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්, අරුණි රණරාජා සහ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාඕලා පම්පලෝනි ඒකාබද්ධ කොමිසමේ සම සභාපතිත්වය දරන බව සඳහන් වේ.

මෙරට සංචාරයේ යෙදෙන යුරෝපා සංගම් නියෝජිත පිරිස, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින වත්මන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි සහයෝගී ප්‍රවේශ සහ ඉදිරි පියවර පිළිබඳව පාර්ශව රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න