යෝෂිත සහ මිත්තණියගේ නඩුව නොවැම්බර් 12 කැඳවීමට නියෝගයක්

යෝෂිත සහ මිත්තණියගේ නඩුව නොවැම්බර් 12  කැඳවීමට නියෝගයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කොළඹ මහාධිකරණය විසින් නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස අද (15) නියෝග කර ඇත.

මෙම නඩුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැදවනු ලැබීය.

එහිදී පැමිණිල්ල විසින් නඩුවට සම්බන්ධ ලේඛන කිහිපයක් විත්තියේ නීතීඥවරුන් වෙත විවෘත අධිකරණයේදී ලබා දුන් අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ තවත් ලේඛන සමහරක් කඩුවෙල උසාවියේ විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති නඩුවක ඇති බව පැවසුවේය.

පසුව නඩුවට සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ඉල්ලා සිටියේ එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසත් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවට අදාළ ලේඛන පරීක්ෂාව සඳහා මෙම නඩුව නොවැම්බර් 6 වැනිදා කැඳවන ලෙස නියෝග කළ අතර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවන ලෙසත් නියෝග කර ඇත.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න