ඇමෙරිකා ඉරාන යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බවත්, ගෝලීය ආර්ථික අවධමනයක් සහ ආර්ථික වර්ධනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවයි.
යුද්ධය පවතින කාලය සහ විෂය පථය සීමිත බවට උපකල්පනය කළ ද 2026 දී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.1ක් දක්වා ද 2027 වසරේදී සියයට 3.2ක් දක්වා ද මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ගෝලීය උද්ධමනය මෙම 2026 දී සුළු වශයෙන් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති අතර, 2027 දී එය නැවත පහළ යනු ඇතැයි ද පෙන්වා දී තිබේ.
සාම සාකච්ඡා අසාර්ථක වී ඇමෙරිකා ඉරාන යුද්ධය වර්ධනය වුවහොත් ගෝලීය අවපාතයක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබියදීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙසේ අනතුරු ඇගවීම් කළේ, ලෝක ආර්ථික වර්ධන ඉලක්ක පිළිබඳව මේ වසරේ වාර්තාව නිකුත් කරමිණි.
මේ අතර, ඇමෙරිකා ඉරාන යුද්ධය හේතුවෙන් පීඩාවටපත් ආසියා රටවල ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 10 ක් වටිනා මූල්‍ය රාමුවක් සකසන බව ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි පවසා ඇත.
ගැටුම් නැවැත්වීමට ගන්නා රාජ්‍ය තාන්ත්‍රික පියවර හමුවේ පසුගිය දිනවල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා තිබූ ලෝක බොර තෙල් මිල යළි ඩොලර් 90 සීමාව දක්වා පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 95ක් ලෙසත් , අමෙරිකානු ඩබ්ලිව්ටීඅයි තෙල් බැරලයක මිල ඩොලර් 91 ලෙසත් සටහන් විය.
හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නිරන්තර බාධාකාරී තත්ත්වයන් හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බව අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
