මහින්ද සමඟ ඡායාරූපයේ ඉන්නේ මම නොවෙයි -නිලන්ති කොට්ටහච්චි

මහින්ද සමඟ ඡායාරූපයේ ඉන්නේ මම නොවෙයි -නිලන්ති කොට්ටහච්චි

සමාජ මාධ්‍යවල සංසරණය වන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයේ සිටින්නේ තමා නොවන බව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි අවධාරණය කරයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් එම විවාහ මංගල්‍යයට තමන් සහභාගී නොවූ බවත් එම උත්සවයට තමන්ට ආරාධනා කර නො තිබුණු බවත් ඇය වැඩිදුරටත් එම සටහන මගින් ප්‍රකාශ කර සිටී.

එම ඡායාරූපය සංස්කරණය ලද එකක් නම්, නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න