Image

මහා භාණ්ඩාගාර මුල්‍ය අපරාධය

මහා භාණ්ඩාගාර මුල්‍ය අපරාධය

රටේ මුදල් ඇමතිවරයා ද වන ජනාධිපති අනුර දිසානායක මහතා ගේ යටතේ තිබෙන මහා භාණ්ඩාගාරයේ සිදුව තිබෙන මූල්‍ය අපරාධය පිළිබඳ ජනතාවට හෙළිදරව් කිරීම ගැන ශිරාල් Shiral Lakthilaka ලක්තිලක මහතා සහ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු ෆ්‍රී ලෝයර්ස් සංවිධානයට මහජනයා ගේ ස්තුතිය හිමිවිය යුතු ය.

මුදල් අමාත්‍යංශ බලධාරීන් ගේ බොළඳ පිළිතුරු

මෙය එක්කෝ සංවිධානාත්මකව සිදුකරන ලද සොරකමකි. නැතිනම් සාපරාධී නොසැලකිල්ලකි. දෙකින් කුමක් වුව ද ඒවා අපරාධ ය. මෙය ඊනියා "හැකර් ප්‍රහාරයක්" ලෙස අර්ථ දක්වන්නට දරන උත්සාහය පිටුපස තිබෙන්නේ අපරාධ වගකීමෙන් ගැලවීමේ කූට උත්සාහයකි. භාාණ්ඩාගාරයේ මුදල් අතුරුදහන් වීම පිළිබඳ රට දැණුවත් නොකළේ මන්ද යන ප්‍රශ්නයට මුදල් අමාත්‍යංශ බලධාරීන් දෙන්නේ බොළඳ පිළිතුරු ය.

ආර්ථික බූමරංගය

මේ අපරාධය දැනගත් වහාම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අඩුම තරමින් රහස්‍ය වාර්තාවක් හෝ පාර්ලිමේන්තුවේ මුල්‍ය කමිටුවට එවිය යුතුව තිබිණි. එසේ එවනවා තබා මූල්‍ය කමිටු රැස්වීම්වලට පවා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කාලයක් තිස්සේ සහභාගී වී නැති බව මූල්‍ය කමිටු සභාපති මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. ඔහු වගකීමකින් යුතුව නොහැසිරෙන බවට එය සාක්ෂියකි. ඒ අනුව මේ මුල්‍ය අපරාධය යට ගැසීමට ඔහු සැරසෙන බවට සාධාරණ සැකයක් මතුවීම වැළැක්විය නොහැකි ය. පෙර ආණ්ඩුවල මුල්‍ය වැරදි පෙන්වා මේ අපරාධය යට ගැසීමට ජවිපෙ-ජාජබ ආණ්ඩුව කටයුතු කිරීමට සැරසෙන්නේ නම් එය තරම් මුළාවක් තවත් නැත. එසේ කළහොත් එය දේශපාලන මෙන්ම ආර්ථික බූමරංගයක්ම වනු ඇත.

හර්ෂණ ගේ යුතුකම

මේ මුල්‍ය අපරාධයේ ප්‍රතිවිපාක දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද රටට අයහපත්ව මතුවන බැවින් කල් නොයවාම වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය කටයුතු කළ යුතු ය. විශ්වාසය බිඳ දමාගත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයකුට කිසිම බැරෑරුම් ආර්ථික කටයුත්තක් දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් මෙහෙයවිය හැකි නොවේ.

harshana

"සාංඝික දේපළක් සේ සුරකිනවා" යැයි අනුර මහතා පොරොන්දු වු භාණ්ඩාගාර මුදල් පරිස්සම් කිරිමට භාර දුන්නේ හර්ෂණ සුරියප්පෙරුම මහතාට ය. දැන් "පරිස්සමට තැබු දේ ඈලියාවට ගොසින්" හමාරය. එහි වගකීමෙන් මිදීමට භාණ්ඩාගාර ලේකම්වරයාට කිසිම හැකියාවක් නැත. එහෙයින් කිසිවකු ඉල්ලීමටත් පෙරම ධුරයෙන් ඉවත් වී සාධාරණ පරීක්ෂණයකට ඉඩදීම ඒ මහතාගේ යුතුකම ය.

karuකරූ පරණවිතාන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න