මහා නායක හිමිවරුන් ගේ කාර්ය භාරය කුමක් ද...?

මහා නායක හිමිවරුන් ගේ කාර්ය භාරය කුමක් ද...?

භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉතාම නිර්ලජ්ජිත ලෙස සංඝ සමාජය හෑල්ලු කරමින් ඉන්නවා. භික්ෂුවක් යනු කායික, වාචික හා චිත්ත හික්මීමකට ලක්වුණ සහ එවැන්නක් දිගින් දිගටම පවත්වාගෙන යා යුතු පිරිසක්. ඔවුන් අනුගමනය කළ යුතු විනය රීති 227 ක් විනය පිටකයේ තිබෙනවා.

ජාතිවාදය, ආගම්වාදය අවුස්සන, ගෝත්‍රවාදය ඉස්මතු කරන, බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බෙදීම් ඉස්මතු කරන, බේබදු, සල්ලාල, හොර, මැර, වංචාකාර, අපරාධකරුවන් වන සමාජය ඉදිරියේ වනචාරීන් මෙන් හැසිරෙන භික්ෂු වෙසින් ඉන්න ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩුයි. නමුත් ඔවුන් වටා ඇති දේශපාලන බලය, මූල්‍ය බලය, මාධ්‍ය බලය, මැර බලය නිසා සමාජයේ භික්ෂුව ලෙස ඉස්මතු වෙලා පෙනෙන්නෙ ඔවුන්.

පාපතර චීවරධාරියෝ

මිහින්තලේ රජමහා විහාරාධිපති, ගලගොඩඅත්තේ ඥානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදත්ත, පාහියන්ගල ආනන්ද සාගර, කොටුවේ පොඩි සාදු, බලන්ගොඩ කස්සප, සමන්ත භද්‍ර, කැලණියේ හිමි, අම්පිටියේ සුමන, බත්තරමුල්ලේ සීලරතන, නම මතක නැති රාජාංගණේ කුණුහරුප කියන හාමුදුරුවෝ, උලපනේ සුමංගල, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන චිවරධාරින් මේ අතරින් කිහිප නමක් පමණයි. මම පෞද්ගලිකව ම විශ්වාස කරනවා මොවුන්ට වඩා ගිහියන් අතිශයින් සිල්වත්. මේ ඇතැම් ශ්‍රමණයින් මහා පාපතරයින්.

සංඝ ශාසනය පිරිහීමට ඉඩ හරින්නේ කවුද...?

ඉතාමත් ගෞරවයෙන් මතක් කරන්න ඕනි ධර්මධර විනයධර සුපේක්ෂාමි භික්ෂූන් වහන්සේලා බොහොමයක් ඉන්නවා. ඔවුන් බෞද්ධ භික්ෂුවගේ කාර්‍ය භාරය ඉටු කරනවා මැනවින්. නමුත් සමාජය තුළ ඔවුන්ගේ හඬ යටපත් වෙලා. මම යට සඳහන් කළ දුශ්ශීල හිමිවරුන් සියල්ල අයත් වන්නෙ සියම් , රාමඤ්ඤ හා අමරපුර යන නිකාය තුනට. ඔය නිකාය තුනේ ඉන්නවා මහා නායක හිමිවරු 04 ක්. සියම් නිකායේ අස්ගිරි සහ මල්වතු පාර්ශ්වය කියල දෙන්නෙක් ඉන්නවනෙ. දුශ්ශීල සංඝයා ගැන මහා නායක හිමිවරු තීරණයක් ගනී කියල සාමාන්‍ය ජනතාව බලා ඉන්නවා දීර්ඝ කාලයක්.

නමුත් එවැනි කිසිවක් පිළිබඳව මහා නායක හිමිවරුන් අවධානය යොමුකර නෑ. අසිල්වත්, අවිචාරශීලී, වනචාරි භික්ෂුන් ගේ ක්‍රියා කලාපයට මහ නායක හිමිවරුන් වග කිව යුතුයි. සංඝ ශාසනය පිරිහෙන්න දීල මහා නායක හිමිවරු බලාගෙන ඉන්නවා. ඒ නිසා සංඝ ශාසනය පිරිහෙන්නත් බුද්ධාගම මෙරටින් තුරන් කිරීමේ කටයුත්ත වෙන්නෙ නායක හිමිවරුන්ගේ නිහඬ කැමැත්තෙන්.

 gala1

සිදු නොවිය යුතු ම දේ

තමන් ගෙ ගෝලයෝ ගැන සංඝ විනය අනුව කටයුතු කරවීම මහා නායක හිමිවරුන් ගේ වගකීමක්, කාර්‍ය භාරයක් නෙවෙයිද දන්නෙ නෑ. එතුමන්ලා ගේ එකම කාර්‍ය භාරය කලින් කලට තමන් හමුවට එන දේශපාලකයන් පිළිගැනීම වෙන්නත් පුළුවන්. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ස්කෝලෙක විදුහල්පති දූෂිතයෙක් නම් පහළ අයට උපදෙස් දෙන්න බෑ ඒ වැරැද්ද කරන්න එපා කියල. පොලිස්පති පාතාලය එක්ක මත්ද්‍රව්‍ය මාෆියාකාරයො එක්ක , අපරාධකාරයො එක්ක ඩීල් නම් පහළ නිලධාරීන්ට උපදෙස් දෙන්න බෑ. දුන්නත් කවුරුවත් පිළිපදින්නෙ නෑ. සරල කතාව ප්‍රධානියා ඒ අදාළ ආයතනයට නොගැළපෙන වැඩ කර තිබේ නම්; තවමත් කරයි නම් ඔහු යටතේ ඉන්න අය මොනව කරත් නොඇසූ කන්ව අහක බලාගෙන ඉන්න වෙනවා.

 

Chathuranga Amarathunga

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න