මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් ඒකමතික සහයෝගීතා මාධ්‍ය ප්‍රකාශයක්

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් ඒකමතික සහයෝගීතා මාධ්‍ය ප්‍රකාශයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට දැනුම් දී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් තමන් ගේ දැඩි කනස්සල්ල පළ කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරු, මාධ්‍යවේදී සහ උගත් බුද්ධිමත් පිරිසක් සඳහන් කරති.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ 85 දෙනකු ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා මහජන මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ගේ සැමියා වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවතින නඩුවක් සම්බන්ධ ප්‍රකාශයක් ගැනීම සඳහා මෙම සිතාසිය යොමුකර ඇති බව වාර්තා වන බවත් එහි දී මහාචාර්ය වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනමන ලද බවත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ඇයගේ පුළුල් පර්යේෂණ, පුහුණුව සහ ප්‍රතිපත්තිමය කටයුතු අගයමින් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියට “ප්‍රමුඛ ශ්‍රී ලාංකික මහාචාර්යවරියක්” ලෙස ගෞරව උපාධියක් පිරිනැමු බව සිහිපත් කිරීම වැදගත් බවත්,. මෙම ගෞරවය හිමි වූයේ ඇය ගේ ස්වාධීන අධ්‍යයන ජයග්‍රහණ සහ දිගුකාලීන වෘත්තීය දායකත්වයන් මත යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

මතු පළ වන්නේ මෙම පිරිස විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

 

 mi3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න