'රටම එකට ජාතික මෙහෙයුම' අද ඇරඹේ

'රටම එකට ජාතික මෙහෙයුම' අද ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (30 වැනිදා) පෙරවරු 10.00 ට ඇරඹෙයි.


විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වන අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් පත් කරනු ලැබ ඇත.

ඒ සඳහා මහජන සහය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමින් මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමින් මහජන ආරක්ෂක කමිටු පත් කිරීම රජයේ අපේක්ෂාව ය.

ජාතික මෙහෙයුම් සභාවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති ලේකම්වරයා ය.

විෂ මත්ද්‍රව්‍ය සඳහා පවතින නීතිමය තත්ත්වය වඩාත් ශක්තිමත් කරගැනීම වෙනුවෙන් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න