'රාජ වල්ලිය' පිළිබඳ කතිකාවක් ගම්පහ ආසියානු නිවහනේ දී...

'රාජ වල්ලිය' පිළිබඳ කතිකාවක් ගම්පහ ආසියානු නිවහනේ දී...

සේපාලි මායාදුන්නේ විසින් විරචිත අලුත්ම නවකතාව 'රාජ වල්ලිය' පිළිබඳව පාඨක - විචාරක සංවාදයක් ජනවාරි 24වන සෙනසුරාදා උදේ 10.00 ට ගම්පහ විශාඛා පාරේ ආසියානු සාහිත්‍ය නිවහනේ දී පැවත්වීමට නියමිත ය. 

මෙම සංවාදයට: සුමුදු චතුරාණි ජයවර්ධන, ජයසිරි අලවත්ත,  සහ ඉරේඛා සෙනෙවිරත්න මෙකී සංවාදයට විචාරකයන් ලෙස සහභාගී වීමට නියමිත ය.

කුරුණෑගල යුගයේ දුර්වල රාජ්‍ය සමයේ දෙවැනි බුවනෙකබාහු රජ සමයේ මෙරට සංස්කෘතියට ඇතිවූ බලවත් වෙනස්කම් මෙන්ම මේ දක්වා බලපැවැත් වූ රජු හා යුව රජු වශයෙන් පැවැති සංකල්පය ප්‍රාදේශීය රජවරුන් බිහිවීම ලෙසින් වෙනස්ව යෑම සමඟ සමාජ ස්ථරවල සිදු වූ වෙනස්කම් ද පිළිබඳව ලියැවුණු රාජ වල්ලිය SWAN ප්‍රකාශනයකි.

සාහිත්‍ය හිතකාමී සහෘදය ඔබට ද මෙම සංවාදය සඳහා සහභාගී වීමට ඇරයුම් කෙරේ

 

රාජවල්ලි 01

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න