''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' තෙවන අදියර සඳහා මුද්‍රිත පිටපත් හා අත්පිටපත් භාර ගැනීම දැන් ආරම්භ වී තිබේ.
මේ සඳහා 2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා ප්‍රකාශිත: නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, පරිවර්තන (ඉංග්‍රීසි), පරිවර්තන (සිංහල) මුද්‍රිත කෘති සහ එම නිර්මාණ ප්‍රවර්ගයන්හී ම අත්පිටපත් මෙවර විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා බාර ගැනේ.
ප්‍රකාශන ආයතනයක් මගින් හෝ කර්තෘ ප්‍රකාශනයක් ලෙස පළ වූ කෘති තරගය සඳහා බාර ගැනෙන අතර ඒවා භාර දිය යුතු අවසන් දිනය 2026 ජනවාරි 31 වන අතර අත්පිටපත් භාර ගන්නා අවසන් දිනය 2026 මාර්තු 31 ය.
දමිළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා හා කාව්‍ය සංග්‍රහ වෙනුවෙන් ද විදර්ශන ජය මූර්තිකාවක් පිරිනැමීම මෙවර විදර්ශන සාහිත්‍ය ත්‍යාග උළෙලේ සුවිශේෂ කටයුත්තකි.
ලාංකීය සාහිත්‍යකරුවකුට හෝ සාහිත්‍යකාරියකට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විදර්ශන ස්වර්ණ මූර්තිකාව සමග රු. 250,000ක මුදල් ත්‍යාගය පිරිනැමීම ද මෙවර විදර්ශන සාහිත්‍ය ත්‍යාගය හී නව්‍ය කටයුත්තකි.
කොන්දේසි සහ සුදුසුකම්
ශ්‍රී ලාංකීය පුරවැසි ඕනෑම ලේඛක ලේඛිකාවකට මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය.
ඉදිරිපත් කරන සෑම අත් පිටපතක් ම පරිගණක යතුරු ලියනය කළ ඒවා විය යුතු විය යුතු මෙන්ම, මුල් පිටපත් නොවිය යුතු ය. අත්පිටපත් නැවත නිර්මාණකරුවන් වෙත භාර දීමට සංවිධායකයින් බැඳී නොසිටී.
පරිවර්තන (ඉංග්‍රීසි) අංශය වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි වන්නේ මින් පෙර සිංහල භාෂාවෙන් පළවූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය කෘතියක පරිවර්තිත මුද්‍රිත පිටපත් හෝ අත්පිටපත් පමණි. එම පරිවර්තනය වෙනුවෙන් අදාළ මුල් කෘතියේ අයිතිය හිමි පාර්ශවය වෙතින් ලබාගත් නිල අවසර ලිපියක්ද අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු ය.
පරිවර්තන (සිංහල) අංශය සඳහා වෙනත් ඕනෑම භාෂාවකින් සිංහල බසට පරිවර්තනය කළ: නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ සලකා බලයි. අදාළ නිර්මාණවල ප්‍රකාශන අයිතිය ලබා ගැනීම ඉදිරියේ දී එකී නිර්මාණය මුද්‍රණයෙන් ප්‍රකාශනයට පත් කරන ප්‍රකාශන ආයතනය විසින් සිදු කරනු ලැබිය යුතු ය. ඒ සඳහා 'විදර්ශන සාහිත්‍ය ත්‍යාග' සංවිධාන කමිටුවේ මැදිහත්වීමක් නොමැත.
නිර්මාණ ඇගයීම සහ ත්‍යාග විස්තර
'විදර්ශන ප්‍රකාශන' ආයතනයේ සංකල්පයකට අනුව ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ සංවිධානය වෙයි. එහෙත් එය 'විදර්ශන ප්‍රකාශන' ආයතනයෙන් පූර්ණ ස්වාධීන ව්‍යුහයක් වන අතර සාහිත්‍ය නිර්මාණ ඇගයුම් කෙරෙහි අදහස්මය හෝ එබඳු ආකාරයේ වෙනත් කිසිදු මැදිහත් වීමක් සංවිධායකයින් ගෙන් සිදු නොවේ. එහිදී ආයතනයෙන් ඉටු කෙරන්නේ හුදු පහසුකම් සැපයීමේ සහ සම්බන්ධීකාරක භූමිකාව පමණ ය.
සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත ඇගැයුම් මණ්ඩල පහක් විසින් අත්පිටපත් ඇගැයුමට ලක් කෙරෙන අතර, දීර්ඝ වටය සඳහා පහකට (5) නොඅඩු, හතකට නොවැඩි (7) නිර්මාණ නම් කිරීම සහ අවසන් වටය සඳහා අත්පිටපත් තුන (3) බැගින් නම් කිරීම 2025 අගෝස්තු මස මුල් දෙසතිය තුළ දී සිදු කරයි.
2026 අගෝස්තු අග දී විශේෂ ආරාධිතයන් 300ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජය මූර්ති ප්‍රධාන උත්සවයේ දී ජයග්‍රාහී කෘති වෙනුවෙන් 'විදර්ශන සාහිත්‍ය ජය මූර්තිකාව' සමග රු.150,000/- ක් වටිනා මුදල් ත්‍යාග එක් එක් ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනැමේ.
අවසන් වටය සඳහා නිර්දේශිත වූ අනෙකුත් ලේඛක ලේඛිකාවන් උදෙසා රු. 50,000/- ක් වටිනා මුදල් ත්‍යාග සහ ජය ඵලක හිමිවේ.
ජය මූර්ති ප්‍රධාන උත්සවය අවසන් වී දිනකට පසුව එක් එක් ඇගැයුම් මණ්ඩල විසින් අදාළ තෝරාගැනීම් වෙනුවෙන් වන ඇගැයුම් මණ්ඩල වාර්ථා www.vidarshanalitprize.com වෙබ් අඩවිය තුළ සහ සමාජ මාධ්‍යයන්හී පළ කෙරේ.
වැඩි විස්තර සඳහා:
වෙබ් : www.vidarshanalitprize.com
දුරකථන : 0112765024
වට්සැප් : 0703771343
ඊමේල් :
සටහන - ජයසිරි අලවත්ත








