Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

‘INS SATPURA කොළඹ වරායට

සැපයුම් හා ‍සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව ඊයේ (20) කොළඹ වරායට පැමිණ තිබේ

දිවයිනට පැමිණි Frigate වර්ගයට අයත් ‘INS SATPURA’ නෞකාව, දිගින් මීටර් 142.5ක් සහ නැවේ කර්යමණ්ඩලය 403 දෙනෙකුගෙන් සමත්විතයි.

නාවික හමුදාව සඳහන් කරන්නේ ‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබීය.